IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මුහුද රකින්න ලංකාව පෙරමුණේ

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම සත්කාරකත්වය දරමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ‘වෙරළ සෝදා පාළුව හා දේශගුණ විපර්යාසවලට එහි දායකත්වය’ යන මැයෙන් වැඩසටහනක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී  පැවැත්වීය.

නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති එම වැඩසටහනට නිත්‍ය නියෝජිතයෝ, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ති‍්‍රකයෝ හා සිවිල් සමාජ සාමාජිකයෝ විශාල පිරිසක් සහභාගී වූහ.

වෙරළ ඛාදනයත් ඉන් දේශගුණ විපර්යාසවලට සිදුවන බලපෑමත් පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා මෙම වැඩ සටහන පැවැත්විණි. ඌණ සංවර්ධිත රටවල්, භූමියෙන් වටවූ සංවර්ධනය වෙමින් පවතින රටවල් හා සංවර්ධනය වෙමින් පවතින කැනඩා දූපත් රාජ්‍ය නියෝජිතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය හා දේශගුණ විපර්යාස හා තිරසාරත්වය සම්බන්ධ ගැටළු පිළිබඳ රාජ්‍ය නොවන සංවිධානය මෙම වැඩසටහනට සම අනුග‍්‍රාහය දැක්විය.

වෙරළ තීරය ඛාදනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් බවත්, වෙරළක් ඇති සෑම රටකටම එය පොදු ප‍්‍රශ්නයක් බවත් පිළිගැනීමේ කතාව පවත්වමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රොහාන් පෙරේරා මහතා පැවැසීය.

ඉකුත් දෙසැම්බරයේ සම්මත වී තිරසර සංවර්ධනය සඳහා වන න්‍යාය පත‍්‍රය 2030 අනුව සෑම රටක්ම කටයුතු කළ යුතු බව ද ඔහු එහිදි අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව මේ කාර්යයේදී පෙරමුණ ගැනීම ගැන ප්‍රසාදය පළ කිරීමට බොහෝ රටවල නිත්‍ය නියෝජිතයෝද , නායකයෝද කටයුතු කළහ.

web_2016125Side-Event_3 web_2016125Side-Event_23

 



අදහස් (0)

මුහුද රකින්න ලංකාව පෙරමුණේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 217 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site