IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මිසයිලයෙන් වැටුණු යානය යළි සකසයි

නැගෙනහිර යුක්රේණයේදී අනතුරට පත්වු මැලේසියා එම්එච් 17 ගුවන් යානයේ අනතුර වු ප්‍රදේශයේ තිබී සොයාගනු ලැබූ යානා සැකිලි කොටස් පරික්ෂණ කටයුතු සඳහා නෙදර්ලන්තයේ හමුදා කඳවුරකදී නැවත එකලස් කිරීමට නියමිත බව ඕලන්ද බලධාරින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕලන්ද රජයේ අධික්ෂණය යටතේ යුක්රේන හදිසි සේවාව මගින් එකතුකරගත් මෙම යානයේ සැකිල්ලේ සුන්බුන් ට්‍රක්රථ මගින් ගුවන් හමුදා කඳවුර වෙත ගෙන යාමට නියමිතය.

මගීන් 298 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය ජූලි 17 දින කඩා වැටුනු බෝයිං 777 ගුවන් යානයේ සුන්බුන් මාස ගණනක් තිස්සේ සී සී කඩ පැතිර තිබුණේ එම ප්‍රදේශයට පිටස්තර පරික්ෂක කණ්ඩායම්වලට  ඇතුල් වීමට නොහැකිව තිබු හෙයිනි.

පරික්ෂණ කණ්ඩායම් විශ්වාස කරණ්නේ මෙම ගුවන් යානයට පොලවේ සිට එල්ල කරණ ලද මිසයිල් ප්‍රහාරයකින් අනතුරට පත්වු බවයි. නමුත් ගුවනේ දි එල්ල කරණ ලද ප්‍රහාරයකින් මෙම යානාව විනාශ වු බවට කර ඇති මොස්කව් න්‍යායද ඔවුන් විසින්  මුළුමනින්ම ප්‍රතික්ෂේප කර නොමැත.

ඕලන්ද ආරක්ෂක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එරට ආරක්ෂක අමාත්‍යාංශය මගින් මෙම ගුවන් යානයේ කොටස් ප්‍රවාහන සඳහා පහසුකම් සපයනු ලබන බවයි. මෑතකදී සොයා ගනු ලැබු මිනිස් සිරුරු කොටස් පසුගිය සිකුරාදා නෙදර්ලන්තයට ගුවන් මගින් ගෙනගොස් තිබේ. එම කොටස් හඳුනා ගැනීම සඳහා තවත් හමුදා කඳවුරක් වෙතට ගෙන යන ලදී.

අනතුරට පත් ගුවන් යානයේ සිටි මගින් ගෙන් තුනෙන් දෙකක් පමණ ඕලන්ද ජාතිකයන් වීම හේතුවෙන් ඕලන්ද බලධාරින් මෙම පරික්ෂණ කටයුතු වෙනුවෙන් පෙරමුණ ගෙන තිබේ. එම්එච් 17 ගුවන් යානය අනතුරට පත් වන විට ඇම්ස්ටර්ඩෑන් සිට ක්වාලාලම්පූර් වෙත පියාසර කරමින් තිබිනි.



අදහස් (0)

මිසයිලයෙන් වැටුණු යානය යළි සකසයි

හසන් Thursday, 04 December 2014 04:27 AM

හොද වැඩක්.(හේ)

:       0       0

ෂෙරිෆ් Friday, 05 December 2014 12:04 PM

මිසයිලයෙන් වැටුණු යානය යළි සකසයි නමුත් මරු කැඳවු ජිවිත 298 සැකසිය නොහැක. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 529 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site