IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මැලේසියා යානය සෙවූ නැවක් ඉවතට

අතුරුදන් මලයාසියනු යානය එම්එච් 370 සෙවීමේ කටයුතු අඩපණ වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානය සෙවීමට යොදවා තිබූ අධි තාක්ෂණික උපකරණ සහිත ගෝ ෆිනික්ස් නැවේ කොන්ත්‍රාත්තුව අවසන් වීම ඊට හේතුවී ඇත.

පසුගිය සැප්තැම්බරයේ සිට මේ නැව යානය සෙවීමේ කටයුතුවල යොදවා තිබිණි. එහි කාර්ය මණ්ඩලය ලොව ගැඹුරු සාගර පත්ලේ සෙවීම් කටයුතු සඳහා පළපුරුදු තාක්ෂණික විශේෂඥයන්ගෙන් සමන්විතය.

මෙම මෙහෙයුමේ නායකත්වය දරණ  ඔස්ට්‍රෙලියානු ප්‍රවාහන සහ ආරක්ෂක කාර්යාංශය ගෝ ෆිනික්ස් නැව මෙහෙයුම් කටයුතුවලින් ඉවත් කල බව ස්ථිර කලේය.

ගෝ ෆිනික්ස් නැවේ සවිකර ඇති දුරස්ථ පාලක මගින් ක්‍රියාකර විය හැකි සෝනර් යන්ත්‍ර මගින් අඩි 20000 කට වඩා වැඩියෙන් යුත් මුහුදු පත්ලද පරික්ෂා කිරීමේ හැකියාව තිබිණි.

2009 වර්ෂයේ අතුරුදන් වූ එයා ෆ්‍රාන්ස් 447 යානයේ සැකිල්ල අත්ලාන්තික් සාගරයේ තිබී 2011 වර්ෂයේ දී සොයා ගන්නා ලද්දේ ද මේ නැව මගිනි.

 

 



අදහස් (0)

මැලේසියා යානය සෙවූ නැවක් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 771 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site