මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මුහිදීන් යසීන් අද (1) දිවුරුම් දුන්නේය.
2018 වසරේදී ඓතිහාසික ජයක් ලබමින් බලයට පත්වූ සන්ධානයේ අභ්‍යන්තරයේ ඇති වූ අර්බුදයක් මුල් කරගනිමින් මහතීර් මොහොමඩ් ඉකුත් දා මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
මුහිදීන් යසීන් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම නීතිවිරෝධී යැයි ද හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් අද පැවැසීය.
මහතීර් මොහොමඩ් ඔහුගේ ප්‍රතිවාදිය වූ ඊබ්‍රහිම් අන්වර් සමඟ එක්ව 2018 වසරේදී ‘‘පැක්ට් ඔෆ් හෝප්’’ හෙවත් ‘‘පක්ටාන් හරප්පාන්’’ නමින් සන්ධානයක් ඇති කරගනිමින් මහ මැතිවරණයට ඉදිරිපත් විය.
ආචාර්ය මහතීර් මොහොමඩ් එම මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් බලයට පත්වූ අතර ඒ අවස්ථාවේදී හෙතෙම ලොව වයස්ගතම නායකයා ලෙසද ඉතිහාස පොත් අතරට එක්විය. මහතීර් මොහොමඩ් මේ වනවිට 94 වන වියේ පසු වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස මුහිදීන් යසීන් පත් කිරීමට මැලේසියාවේ අල් සුල්තාන් අබ්දුල්ලා රජු තීරණය කළේ ඊයේ (29) ය.
ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ආණ්ඩුව ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මැලේසියාවේ බොහෝදෙනා ඔවුන්ගේ කනස්සල්ල සහ කෝපය පළ කර ඇතැයි ද වාර්තා වේ.
මුහිදීන් යසීන් පාවාදීමක් කර ඇතැයි ද ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර සහාය නැතැයි ද මාධ්‍ය හමුවක් පවත්වමින් මහතීර් මොහොමඩ් චෝදනා කළේය. එබැවින් කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නැයි ද මහතීර් මොහොමඩ් අභියෝග කළේය.
‘‘මේක මහ අමුතු දෙයක් දෙයක්. පරාජිතයන් ආණ්ඩු පිහිටුවනවා. ජයග්‍රහකයන් විපක්ෂයේ’’ යැයි ද මහතීර් මොහොමඩ් චෝදනා කළේය.
‘‘නීතියේ අධිපාත්‍යය මේ රටේ තවදුරටත් නැහැ’’ යැයි ද හෙතෙම චෝදනා කළේය.
මුහිදීන් යසීන් ද සන්ධාන ගත වී සිටින අතර එම සන්ධානයට හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ ද ‘යුනයිටඩ් මැලේස් නැෂනල් ඕගනයිසේෂන් (යු.එම්.එන්.ඕ)’ පක්ෂය ද ඇතුළත් ය. මේ වනවිට හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට එරෙහිව නඩු විභාගයක් ද ක්‍රියාත්මක වේ. ඔහු සහ ඔහුගේ හිතවතුන් රාජ්‍ය මුදලකින් ඩොලර් බිලියන ගණනින් වංචා කළේ යැයි චෝදනා එල්ල වී තිබේ.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2561
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මැලේසියාවේ නව අගමැති දිවුරුම් දෙයි