IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


“මිලියන ගණන් නීතී විරෝධීව ඡන්දය භාවිත කරලා“

ඇමෙරිකා ජනපතිවරණයේ මිලියන ගණනක් නීතීවිරෝධීව ඡන්දය භාවිත කළ බව ඇමෙරිකා නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නොවැම්බර් අට පැවැත්වු එරට ජනපතිවරණයේ ඡන්ද කොට්ඨාස අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගත් අතර මනාප සටහන අනුව හිලරි ක්ලින්ටන් ජයගත්තාය.

ඔහු මේ බව පැවසුයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක හිලරිගේ මැතිවරණ කමිටුව කොට්ඨාස කිහිපයක ඡන්ද නැවත ගණන් කළ යුතු බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

“නීතී විරෝධීව ඡන්දය භාවිත කරපු අයගේ මනාප ගණන අඩු කළොත් අනිවාර්යෙන් මම ජනප්‍රිය මනාප සටහනත් ජයගන්නවා“යැයි ඔහු පැවසීය.මේ බව සනාථ කිරීමට අවශ්‍ය තරම් සාක්ෂි ලබා නොදුන් බව එරට මාධ්‍ය පවසයි.

මනාප සටහන අනුව හිලරි ට්‍රම්ප්ට වඩා මිලියන දෙකකින් පමණ ඉදිරියෙන් සිටියාය.නමුත් ඇමෙරිකා මැතිවරණ ක්‍රමය අනුව ජනපතිවරණය ජයගැනීමට ඡන්ද  කොට්ඨාස 270ක් ජයගත යුතුය.ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් කොට්ඨාස 270 සම්පුර්ණ කර ජනපතිවරණය ජයගත්තේය.



අදහස් (0)

“මිලියන ගණන් නීතී විරෝධීව ඡන්දය භාවිත කරලා“

සහන Tuesday, 29 November 2016 10:47 AM

මෙය ඡන්දෙට කලින් කිව්වා මෙය පැරදුනොත් ඡන්ද ප්‍රතිපල පිළිගන්නේ නැහැ කියලා දැන් කියනවා හොර ඡන්ද දාළලු. මෙය බොහෝ අවස්ථාවලවල එක ප්‍රකාශයකුත් අනෙක් අවස්ථාවේ තවත් ප්‍රකාශයකුත් කරන අමුතු පුද්ගලයෙක් වගෙයි පෙනෙන්නේ (හේ)

:       0       0

සත්‍යයා Tuesday, 29 November 2016 12:33 AM

චානක, යමක් ලියන්න පෙර ඒ ලියන දෙය සත්‍ය බව අවබෝධ කරගෙන පමණක් ලිව්වොත් හොඳයි. ජෝර්ජ් බුෂ් ජුනියර් දෙවන වතාවට තරඟ කරන විටා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා වී සිටි ජෝර්ජ්ගේ බාල සොහොයුරු ජෙබ් සම්බන්ධයෙන් මෙවන් වැඩපිළිවෙලක් මනාව හෙළිවුණා. ඡන්ද පත්‍රිකාව අනවශ්‍ය පරිදි දීර්ඝ කිරීමෙන් හා සංකීර්ණ කිරීම තුළිනුත් ඒ පවුලේ අය ඡන්ද විශාල ප්‍රමාණයක් ලබා ගත්තා. (නි)

:       0       0

නාමල් නිව්යෝර්ක් Tuesday, 29 November 2016 02:28 AM

සත්‍යා, දන්නා දෙයක් කතා කරන්න. මම ඉන්නෙත් ඇමරිකාවේ. ඡන්දෙ දාලත් තියෙනවා. බුෂ් ෆ්ලොරිඩා වල ඡන්ද ප්‍රතිපලය ගැන අවුල ඇතිවුණේ 2000 දී. එතනදී ඡන්දය නැවත ගණන් කළා. ඇමරිකාවේ ඡන්ද පත්‍රිකාවක් නැහැ, පරිගණක තීරයකට ඇඟිල්ල තබා තමයි ඡන්දය දාන්නේ. එතන තියෙන්නේ නම් 3-4ක් පමණයි (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 29 November 2016 02:30 AM

කල්ලෝ ටික හරියට ඡන්දය දැම්මා නම් මෙයා නතර වෙන්නේ කොහේද දන්නෙ නැහැ (නි)

:       0       0

ජයන්ත Tuesday, 29 November 2016 02:50 AM

රජින්ද සහ සත්‍යයා, ශ්‍රී ලංකානු කණ්ණාඩියක් දමාගෙන ඇමරිකාවෙ ප්‍රශ්න දිහා බලන්න එපා. ඕගොල්ලො හිතන්නේ ලංකාවෙ වෙන දේවල් ඇමරිකාවෙත් වෙනවා කියලද. (නි)

:       0       0

ධම්ම Tuesday, 29 November 2016 04:03 AM

මිලියන ගණන් නීතී විරෝධීව ඡන්දය භාවිත කළ බව කියන්නේ ඇමෙරිකාවේ ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයාමයි. ශ්‍රී ලංකාවේ නම් ඔය කතාව කියන්නේ පරාජයවුණු අපේක්ෂකයා. ඒ නිසා ඇමෙරිකාව අදහන මෙහෙන් ගිහින් එහි ජීවත්වන අය දැන්වත් "ශ්‍රී ලංකානු කණ්ණාඩිය " ගලවා දැමුවොත් හොඳා. (බ)

:       0       0

සුමේධ ප්‍රනාන්දු Tuesday, 29 November 2016 06:22 AM

කොහොමද නීති විරෝධි අයුරින් ඡන්දය භාවිතා කරන්නේ.(හේ)

:       0       0

චානක Monday, 28 November 2016 12:53 PM

මේවා මෙයා අවධානය ගන්න කියන කතා... ඇමරිකාවේ මැතිවරණය සංකීර්ණ පරිඝනක පද්ධතියකින් පාලනය වෙන එකක්.. එහෙම හොරට ඡන්ද දාන්න බෑ (හේ)

:       0       0

රජින්ද Monday, 28 November 2016 01:32 PM

චානක හදේද ඉන්නේ. එෆ්බීඅයි, සිඅයිඒ සහ පෙන්ටගන් එකෙන් ඇමෙරිකානු ජනාධිපතිවරුන් බිහි කරලත් තියෙනවා. නෙරපලත් තියෙනවා, පරලොව ඇරලත් තියෙනවා. එහෙව් එකේ මේක මොකක්ද? (බ)

:       0       0

උපුල් Tuesday, 06 December 2016 01:45 PM

හිලරි දිනුවානම් අනිවාර්යෙන්ම ඇමෙරිකාව සුන්! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28585 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18200 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11065 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 205 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site