ඇමෙරිකා ජනපතිවරණයේ මිලියන ගණනක් නීතීවිරෝධීව ඡන්දය භාවිත කළ බව ඇමෙරිකා නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
නොවැම්බර් අට පැවැත්වු එරට ජනපතිවරණයේ ඡන්ද කොට්ඨාස අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගත් අතර මනාප සටහන අනුව හිලරි ක්ලින්ටන් ජයගත්තාය.
ඔහු මේ බව පැවසුයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක හිලරිගේ මැතිවරණ කමිටුව කොට්ඨාස කිහිපයක ඡන්ද නැවත ගණන් කළ යුතු බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.
“නීතී විරෝධීව ඡන්දය භාවිත කරපු අයගේ මනාප ගණන අඩු කළොත් අනිවාර්යෙන් මම ජනප්‍රිය මනාප සටහනත් ජයගන්නවා“යැයි ඔහු පැවසීය.මේ බව සනාථ කිරීමට අවශ්‍ය තරම් සාක්ෂි ලබා නොදුන් බව එරට මාධ්‍ය පවසයි.
මනාප සටහන අනුව හිලරි ට්‍රම්ප්ට වඩා මිලියන දෙකකින් පමණ ඉදිරියෙන් සිටියාය.නමුත් ඇමෙරිකා මැතිවරණ ක්‍රමය අනුව ජනපතිවරණය ජයගැනීමට ඡන්ද කොට්ඨාස 270ක් ජයගත යුතුය.ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් කොට්ඨාස 270 සම්පුර්ණ කර ජනපතිවරණය ජයගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඡන්දෙට කලින් කිව්වා මෙය පැරදුනොත් ඡන්ද ප්‍රතිපල පිළිගන්නේ නැහැ කියලා දැන් කියනවා හොර ඡන්ද දාළලු. මෙය බොහෝ අවස්ථාවලවල එක ප්‍රකාශයකුත් අනෙක් අවස්ථාවේ තවත් ප්‍රකාශයකුත් කරන අමුතු පුද්ගලයෙක් වගෙයි පෙනෙන්නේ (හේ)
චානක, යමක් ලියන්න පෙර ඒ ලියන දෙය සත්‍ය බව අවබෝධ කරගෙන පමණක් ලිව්වොත් හොඳයි. ජෝර්ජ් බුෂ් ජුනියර් දෙවන වතාවට තරඟ කරන විටා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා වී සිටි ජෝර්ජ්ගේ බාල සොහොයුරු ජෙබ් සම්බන්ධයෙන් මෙවන් වැඩපිළිවෙලක් මනාව හෙළිවුණා. ඡන්ද පත්‍රිකාව අනවශ්‍ය පරිදි දීර්ඝ කිරීමෙන් හා සංකීර්ණ කිරීම තුළිනුත් ඒ පවුලේ අය ඡන්ද විශාල ප්‍රමාණයක් ලබා ගත්තා. (නි)
සත්‍යා, දන්නා දෙයක් කතා කරන්න. මම ඉන්නෙත් ඇමරිකාවේ. ඡන්දෙ දාලත් තියෙනවා. බුෂ් ෆ්ලොරිඩා වල ඡන්ද ප්‍රතිපලය ගැන අවුල ඇතිවුණේ 2000 දී. එතනදී ඡන්දය නැවත ගණන් කළා. ඇමරිකාවේ ඡන්ද පත්‍රිකාවක් නැහැ, පරිගණක තීරයකට ඇඟිල්ල තබා තමයි ඡන්දය දාන්නේ. එතන තියෙන්නේ නම් 3-4ක් පමණයි (නි)
කල්ලෝ ටික හරියට ඡන්දය දැම්මා නම් මෙයා නතර වෙන්නේ කොහේද දන්නෙ නැහැ (නි)
රජින්ද සහ සත්‍යයා, ශ්‍රී ලංකානු කණ්ණාඩියක් දමාගෙන ඇමරිකාවෙ ප්‍රශ්න දිහා බලන්න එපා. ඕගොල්ලො හිතන්නේ ලංකාවෙ වෙන දේවල් ඇමරිකාවෙත් වෙනවා කියලද. (නි)
මිලියන ගණන් නීතී විරෝධීව ඡන්දය භාවිත කළ බව කියන්නේ ඇමෙරිකාවේ ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයාමයි. ශ්‍රී ලංකාවේ නම් ඔය කතාව කියන්නේ පරාජයවුණු අපේක්ෂකයා. ඒ නිසා ඇමෙරිකාව අදහන මෙහෙන් ගිහින් එහි ජීවත්වන අය දැන්වත් "ශ්‍රී ලංකානු කණ්ණාඩිය " ගලවා දැමුවොත් හොඳා. (බ)
කොහොමද නීති විරෝධි අයුරින් ඡන්දය භාවිතා කරන්නේ.(හේ)
මේවා මෙයා අවධානය ගන්න කියන කතා... ඇමරිකාවේ මැතිවරණය සංකීර්ණ පරිඝනක පද්ධතියකින් පාලනය වෙන එකක්.. එහෙම හොරට ඡන්ද දාන්න බෑ (හේ)
චානක හදේද ඉන්නේ. එෆ්බීඅයි, සිඅයිඒ සහ පෙන්ටගන් එකෙන් ඇමෙරිකානු ජනාධිපතිවරුන් බිහි කරලත් තියෙනවා. නෙරපලත් තියෙනවා, පරලොව ඇරලත් තියෙනවා. එහෙව් එකේ මේක මොකක්ද? (බ)
හිලරි දිනුවානම් අනිවාර්යෙන්ම ඇමෙරිකාව සුන්! (ර)