බලතල අයථා ලෙස භාවිතා කළේ යැයි චෝදනා ලැබ සිටින මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ගේ නඩු විභාගයේ දෙවැනි දිනය ඊයේ (2) ට යෙදී තිබුණු නමුත් නෂීඞ් අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.
මාලදිවයින මාධ්‍ය වාර්තා කළේ නෂීඞ් අධිකරණ නියෝගයට එරෙහිව යමින් බෝට්ටුවක නැගී මාලේ අගනුවරින් ද පිටවී ගිය බවය. තමාට එල්ල වී ඇති චෝදනා නෂීඞ් තරයේ ප‍්‍රතික්ෂේප කරයි. නඩු විභාගය ආරම්භ වූයේ පෙරේදා (1) ය.
නඩු විභාගය පැවැත්වෙන්නේ බලයේ සිටිද්දී නෂීඞ් සිය බලතල අනිසි ලෙස භාවිතා කළේ යැයි චෝදනා එල්ල වී ඇති නිසාය. නඩු විභාගය හේතුවෙන් හිටපු ජනපතිවරයාට රටින් පිටවීම ද තහනම් කර තිබේ.
අධිකරණ නියෝගයට පිටුපා මාලේ අගනුවරින් පිට වී ගිය නෂීඞ් අත්අඩංගුවට ගැනීමට මාලදිවයින අධිකරණය කටයුතු කරනු ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ජනතා විරෝධය මැද නෂීඞ් බලයෙන් ඉවත් වූයේ ඉකුත් පෙබරවාරි හත් වැනිදාය. ඒ, උප ජනපති ධුරයේ සිටි මොහොමඞ් වහීඞ්ට බලය පවරා දෙමිනි.
වහීඞ්, මාලදිවයිනේ ජනාධිපති ලෙස දිවුරුම් දුන් අතර නෂීඞ් චෝදනා කළේ විපක්ෂ කණ්ඩායම් සහ ආරක්ෂක අංශ සමඟ එක් වී වහීඞ් කුමන්ත‍්‍රණය කර තමා බලයෙන් නෙරපා දැමූ බවය.
නෂීඞ්ගේ එම චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ද පැවැති අතර, මාලදිවයිනේ කිසිදු කුමන්ත‍්‍රණයක් සිදු නොවුණු බවත් නෂීඞ්ගෙන් වහීඞ්ට බලය පැවැරීම නීත්‍යානුකූලව සිදුවූ බවත් තහවුරු විය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන් ආදර්ශය අරගෙන (ස)
මම නම් මොහුට උන දේට එකග නැහැ..!(නු)
දෙන්නම එකයි..!(නු)
එයා අපේ කණ්ඩායමක් එක්ක බෝට්ටුවක නැගලා ඕස්ට්‍රේලියාවට යන්න ඇති. (නි)
මාලදිවයින්කාරයෝ ළඟට ගන්න එපා. ඉගෙන ගන්න කියලා ලංකාවට ඇවිත් මෙහෙ හොරෙන් කීයක් ඉන්නවද? දෙහිවල පැත්තේ හොයල බැලුවොත් තේරේවි. දන්නවනේ කවුද උදවු කරන්නේ කියලා. අපිට එයාලගේ කට්ටකම් එක්ක හැරෙන්නවත් බැහැ. මෙයාගේ කාලේ රටවල් දෙක අතර හිතවත්කම වැඩි වුණා කියල වුණේ ඕක තමයි. දැන් ඉන්න ජනාධිපති ලංකාව එක්ක වැඩිය නැහැ. ඉන්දියාවට හේත්තු වෙලා ඉන්නේ. ඔහොම ඉන්න දෙන්න. කැලේ ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්න ඕනෑ නැහැනේ. (නි)
බලන්න එහේ නිතිය දිහා (නි)
අයියෝ සල්ලි ....