(ඒ.එෆ්.පී /බීබීසී)
ඉර්මා සුළි කුණාටුවෙන් පසුව ඇති වී තිබෙන මාරියා සුළි කුණාටුවෙන් මේ වනවිට ඩොමිනිකා රාජ්‍යයට දරුණු හානියක් සිදු ව තිබේ.
මාරියා සුළි කුණාටුව අද ඩොමිනිකාවේ නැගෙනහිර කොදෙව් දූපත් වෙත පැමිණි අතර පැයට කිලෝමීටර 257ක සුළං හමායන බවත් එක්සත් ජනපද ජාතික සුළිකුණාටු පිළිබඳ මධ්‍යස්ථානය නිවේදනය කළේය.
මාරියා සුළිකුණාටුව දැනට සිව්වැනි මට්ටමේ ප්‍රභලත්වයකින් යුතු සුළිකුණාටුවක් ලෙස නම් කර තිබෙන අතර එය ඉදිරියේදී පස්වැනි මට්ටමේ සුළි කුණාටුවක් දක්වා වැඩිවනු ඇතැයි පැවසේ.
“මුදල්වලට මිලදී ගත හැකි සියල්ල හා නැවත ස්ථාපිත කළ හැකි සියල්ල විනාශ වී ගිහින්” යැයි ඩොමිනිකා රාජ්‍යයේ අගමැති රූස්වෙල්ට් ස්කෙරිට් පැවැසීය.
මාරියා සුළිකුණාටුව හේතුවෙන් ඩොමිනිකා රාජ්‍යයේ සියලුම ගුවන් තොටුපොළවල් සහ වරායවල් වසා දමා තිබේ.
රිච්ටර් මාපාංක 7.1ක ප්‍රබල භූමි කම්පාවකින් මෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ නගරයට බරපතල හානි සිදුව ඇති බවත් 130කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් වාර්තා වේ. මුදවාගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර කඩා වැටුණු පාසැල් ගොඩනැගිල්ලකට සිසුන් පිරිසක් යටවී ඇතැයි ද පැවසේ.
නගරයේ විදුලිය විසන්ධි වී ඇති අතර ගෑස් නල පුපුරා යෑමේ අනතුරක් ඇති බවට ද අනතුරු අඟවා ඇත. මෙක්සිකෝ නගරාධිපතිවරයා පවසා ඇත්තේ ගොඩනැගිලි 44කට පමණ පූර්ණ හානි සිදුව ඇති බවයි.
භූකම්පනයේ අපිකේන්ද්‍රය මෙක්සිකෝ නගරයට කිලෝමීටර් 120ක් පමණ දුරින් පිහිටි පුවෙබ්ලා ප්‍රාන්තයේ කිලෝමීටර් 51ක් පමණ ගැඹුරින් පිහිටා තිබූ බව ඇමරිකානු භූ විද්‍යා කාර්යාංශය පවසයි.
අවුරුදු 32කට පෙර මෙක්සිකෝවේ දහස් ගනනක් මියගිය භූමි කම්පාවක සැමරුම් උත්සවය පැවැත්වෙන අවස්ථාවේම මෙම භූකම්පනය ද සිදුවී ඇත.
මෙක්සිකෝවේ භූකම්පන කළාපයක පිහිටා ඇති අතර පසුගිය දිනවල සිදුවූ ප්‍රබල භූකම්පනයකින් 90ක් පමණ මිය ගියහ.
මෙක්සිකෝ නගරය ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින නගර වලින් එකක් වන අතර මෙක්සිකෝ නගරයේ පමණක් මිලියන 20ක පමණ පිරිසක් වාසය කරති.
( - 085/055)



2025 දෙසැම්බර් මස 04
325
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
423
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
396
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාරියා ඩොමිනිකාවට කඩාවදී