IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


මරණය කල් දාන්න තේ බොන්න

තේ පානය කිරීමෙන් මරණය තාවකාලිකව කල්දමා ගත හැකි බව පර්යේෂණයකින් හෙළිවී තිබේ.

බ්‍රිතාන්‍යය ජාතික පර්යේෂකයින් පිරිසක් සිදුකර ඇති මෙම පර්යේෂණයෙන් අනාවරණයව ඇති පරිදි තේ පානය කරන්නවුන්ට තේ පානය නොකරන්නවුන්ට වඩා වැඩි කාලයක් ජීවත් වීමට සියයට 25 ක පමණ අවස්ථාවක් ඇත.

පර්යේෂණය සදහා වයස අවුරුදු 18 ත් 95 ත් අතර පුද්ගලයින් 131401 ක් යොදාගෙන ඇති ඔවුන් එම පුද්ගලයින්ට ලබාදුන් ප්‍රශ්නාවලියක් ආධාරයෙන් මෙම තොරතුරු සොයාගෙන තිබේ.

එම ප්‍රශ්නාවලියෙන් තේ හා කෝපි පානය කරන්නන්ද වෙන් වෙන් වශයෙන් සළකා බලා තිබෙන අතර එහිදී හෙළිව ඇත්තේ කෝපි වැඩි වශයෙන් පානය කරන්නන්ට හෘද රෝග වැළදීමේ අවදානමක් තිබෙන බවයි.

වැඩිපුර තේ පානය කරන්නුයේ කාන්තාවන් බවත් පිරිමින් ප්‍රියකරන්නේ කෝපි පානය කරන්නට බවත් මෙම පර්යේෂණය ආධාරයෙන් සොයාගැනීමට පර්යේෂක පිරිසට හැකිව ඇත.

තේ වල අන්තර්ගත ස්වභාවික රසකාරක හා ඔක්සිහාරක සංයෝගයන් සිරුරට යහපත් වන හෙයින් මෙසේ සිදුවන බව පර්යේෂක පිරිසගේ අදහසයි.

තේ පානය හදවතටද සුවදායක වන බවත්, රුධිර පීඩනය අඩු කිරීමට හේතු වන බවත් මීට පෙර සොයාගෙන තිබුණි.



අදහස් (0)

මරණය කල් දාන්න තේ බොන්න

කලීල් Tuesday, 02 September 2014 09:49 AM

අපේ තේ හොඳ නැද්ද? (නි)

:       0       0

බුද්ධික Wednesday, 03 September 2014 02:35 AM

අපේ රටේ හොඳ දේ පිටට දීල නරක දේ අපි අරගෙන අපිම අපිටම ලෙඩ හදාගන්නවා (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 02 September 2014 10:45 AM

නියමයිනේ! (නි)

:       0       0

රුවන්තක Tuesday, 02 September 2014 11:04 AM

මේක නම් හොඳ ආරංචියක්. එ් වුණාට ලංකාවේ අය බොන්නේ හොඳ තේ වෙනුවට කසල තේනේ (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 03 September 2014 04:27 AM

ඒකද දන්නෙ නැහැ පහුගිය දවස්වල කසල තේ වලටත් ඉල්ලුමක් තිබුණේ. (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 03 September 2014 01:58 PM

මෙහෙ තේ හදහන කම්හල්වල කම්කරුවන්ගේ බුලත් කෙල වලින් තේ අපිරිසිදු වෙනවා.ජීවිතේ තවත් කෙටිවෙනවා මේවා බිව්වොත්. (අ)

:       0       0

මහේෂ් Tuesday, 02 September 2014 01:43 PM

මගේ මාමා වැඩිපුර බොන්නේ තේ. එයා තාම ලෙඩක් දුකක් නැතුව ඉන්නවා. කතාව ඇත්ත. තේ බොමු නොමැරී සිටිමු (නි)

:       0       0

අරවින්ද Wednesday, 03 September 2014 04:30 PM

තේ 10ක් මම ගත්තා (නදී)

:       0       0

ගාමිණි අබුඩාබි Tuesday, 02 September 2014 03:25 PM

මාත් මේ කතාව අසා තිබෙනවා (නි)

:       0       0

විතාන Wednesday, 03 September 2014 06:51 PM

තේ වතු හිමියන්ට හොඳ ආරංචියක් (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 03 September 2014 06:56 PM

තේ වතු හිමියන්ට හොඳ ආරංචියක්. ඒ වුණත් දැන් යුරෝපා රට වලට තේ ගෙන්වන්නේ කෙන්යාවෙන්. හේතුව ලංකාවේ කසල තේ නිසා (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 02 September 2014 05:37 PM

ඒක නම් ඇත්ත තමයි රුවන්තක. කසල තේ වල ඇති රෙදි සෝඩා වලින් අප ශරීරයට හානි වෙනවා. යුරෝපයේ එංගලන්තය ඇරුනාම අන් රටවල අය බොන්නේ කෝපි. ලෝකයෙන්ම හොඳම තේ හදන අපේ රටේ අපි බොන්නේ දහ ජරාව (නි)

:       0       0

රජින්ද Tuesday, 02 September 2014 06:31 PM

හැබැයි ලංකාව සම්බන්ධයෙන්නම් මට තියෙන්නේ වෙනස් හැඟීමක්. අපේ මිනිස්සු වැඩිපුර තේ බිව්වොත් ආයු අපේක්ෂාව අඩුවෙනවා විතරක් නෙමෙයි කසල තේ වලට ප්‍රසිද්ධ ලංකාවේ ඒවාට කලවම් කරන දේ නිසා වකුගඩු වුණත් ලෙඩවෙන්න පුළුවන් (නි)

:       0       0

මුතු Wednesday, 03 September 2014 08:50 AM

මේ කියන්නේ ග්‍රීන් ටී ගැන විතරද? (නදී)

:       0       0

ලාල් Tuesday, 02 September 2014 06:40 PM

කොච්චර හොඳද අපේ රටේ තේ? (නි)

:       0       0

චමින්ද Tuesday, 02 September 2014 08:47 PM

මේවා කිසිම දෙයක් පිළිගන්න අමාරුයි මට නම් (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 02 September 2014 11:48 PM

එහෙනම් අපේ තේ වලට පිටරට වලින් හොඳ ඉල්ලුමක් ලැබේවි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 61 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1013 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site