සෝමාලියාවේ නව ජනාධිපති හසන් ෂීක් මොහමඞ් ඉලක්ක කරගෙන පෙරේදා (12) එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් ජනාධිපතිවරයා දිවි ගලවාගෙන ඇතැයි එරට රජය පවසයි.
ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ජනාධිපතිවරයා මොගඩිෂු නුවර හෝටලයක කෙන්යානු විදේශ ඇමැතිවරයා හමුවී සාකච්ඡා පවත්වමින් සිටින අතරතුරදීය.
ප‍්‍රහාරයෙන් හමුදා භටයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ප‍්‍රහාරයෙන් මියගොස් ඇත්තේ සෝමාලි හමුදා භටයන් තිදෙනෙකු සහ උගන්ඩා ආරක්ෂක අංශ සාමාජිකයෙකු බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනකු හෝටලයට කඩාවැදීමට උත්සාහ ගත් අවස්ථාවේදී ඉන් දෙදෙනකුට ආරක්ෂක අංශ සාමාජිකයන් වෙඩි තැබූ අතර ඔවුන් දෙදෙනා රැගෙන ආ බෝම්බ එම ස්ථානයේදී පුපුරුවා ගත් බව සෝමාලියා හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය.
හෝටලයේ තාප්පයට නැගීමට උත්සාහ ගත් අනෙක් බෝම්බකරුට ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් වෙඩිතබන ලද බව ද ඔහු කීය.
‘ජනාධිපතිවරයා රැඳී සිටි හෝටලය දෙසින් විශාල පිපිරීම් හඬක් ඇසුණා. හෝටලය ඇතුළත සිටි කිසිවෙකුටත් හානියක් සිදු වූයේ නැහැ. එම ප‍්‍රහාරයෙන් ටිකවේලාවකට පසුව පැවැති මාධ්‍ය හමුවකටද ජනාධිපතිවරයා සහභාගී වුණා’ යැයි එම හමුදා ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ අල් කයිඩා සංවිධානය හා සබඳතා පවත්වන අල් ෂෙබාබ් ත‍්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් තිදෙනකු විසිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සෝමාලි රජය හා එක්ව තම සංවිධානය නීතිවිරෝධී බව ප‍්‍රකාශ කිරීමට එරෙහිව ඉකුත් අඟහරුවාදා දිනයේදී අල් ෂෙබාබ් ප‍්‍රකාශකයෙක් එරට නව රජයට අනතුරු ඇඟවීය.
සෝමාලි රජයේ හමුදා මොගඩිෂු නගරය ෂෙබාබ් සටන්කාමීන්ගෙන් මුදා ගෙන තිබුණද විදේශීය සහ එරට රජයේ නිලධාරීන් ඉලක්ක කර ගෙන එල්ල කරන ප‍්‍රහාර දිනෙන්දින වැඩි වන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එම සටන්කාමීන් පවසන්නේ නිදහස් සෝමාලියාවක් බිහි කරන තුරු සිය සටන අත්නොහරින බවයි.
2025 දෙසැම්බර් මස 04
529
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් සෝමාලියා නව ජනපති නූලෙන් බේරෙයි
රම්‍යා Saturday, 15 September 2012 01:26 PM
මෙයා කවදද ලංකාවට එන්නේ...(ස)
මධූ Friday, 14 September 2012 04:31 PM
මරාගෙන මැරුනට පාඩුයි...(ස)