විසිපස් වසරකට පසු මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ඊයේ (13) ඉන්දියාවට පැමිණියාය.
මියන්මාරයේ හමුදා පාලනයක් පැවැති සමයේ වසර 15 ක් නිවාස අඩස්සියේ සිට 2010 වසරේ නිදහස ලැබූ සූ කී, අද වනවිට එරට විපක්ෂ නායිකාව, ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව මෙන්ම මියන්මාරයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක ද වෙයි.
1990 දශකයේ මියන්මාරයේ හමුදා පාලනය පැවැති සමයේ, ඉන්දියාවත් මියන්මාරයත් අතර බිඳ වැටුණු සබඳතා, යළි ශක්තිමත් කර ගැනීමට සූ කීගේ මෙම ඉන්දීය සංචාරයේ ප‍්‍රධාන අරමුණ වෙයි. ඇය අද (14) නවදිල්ලි අගනුවරදී ඉන්දීය ඇගමැති මන්මෝහන් සිං හමුවී සාකච්ඡුා පැවැත්වීමට නියමිතය.
තමා ඉන්දියාව පැමිණියේ තම පැරැුණි සබඳකම් අලූත් කර ගැනීමට යැයි නවදිල්ලි ගුවන් තොටුපොළේ දී ඉන්දීය මාධ්‍යවේදීන් හමුවේ සූ කී පැවැසුවාය.
ගමනා ගමන, ආරක්ෂක දේශසීමා සහ වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් ද සූ කී සහ ඉන්දීය රජය සමඟ සාකච්ඡුා පැවැත්වීමට නියමිත බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.
එපමණක් නොව මියන්මාරයේ පවතින ආගමික ගැටුම් කෙරෙහි ද ඉන්දීය රජය සමඟ සාකච්ඡා කිරීමට සූ කී අපේක්ෂා කරයි.
සූ කී අවසන් වරට ඉන්දියාවට පැමිණියේ 1987 වසරේදීය. ඒ, ඇගේ සැමියාව සිටි බි‍්‍රතාන්‍ය ජාතික මයිකල් ඒරීස් හමුවීමටය. ඒරීස් එම අවස්ථාවේ හිමාල අඩවියේ අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබමින් සිටියේය.
මියන්මාරය ‘බුරුමය’ ලෙසින් හැඳින් වූ සමයේ සූ කීගේ මව බුරුම රජය නියෝජනය කරමින් බුරුම තානාපතිනිය ලෙස ඉන්දියාවට පැමිණ සිටියාය. ඒ කාලයේ සූ කී ද ඉන්දියාවේ ජීවත් වූ අතර ඇය අධ්‍යාපනය ලැබුවේ නවදිල්ලි නුවරය.
2010 මහ මැතිවරණයෙන් පසු මියන්මාරයේ දැන් පවතින්නේ සිවිල් රජයකි. එය මියන්මාර හමුදා පාලකයන් හමුදා ධුරවලට සමුදී සිවිල් වැසියන් ලෙස පිහිට වූ රජයකි. එම රජයේ ජනපති ත්වෙන් ස්වෙන්ය. ඔහු හිටපු හමුදා ප‍්‍රධානියෙකි.
ත්වෙන් ස්වෙන් නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී ඇති අතර මියන්මාරය, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන මාවතකට ද පිවිස සිටී. මියන්මාර පාර්ලිමේන්තුවට යෑමට සූ කීට හැකිවූයේ ද එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ යටතේ පැවැති අතුරු මැතිවරණයකින් පසුවය.
දේශපාලන ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් මියන්මාරය ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල ද පැසැසුමට ලක් වී ඇත. ඇමෙරිකාව මේ වනවිට මියන්මාරයට පනවා ඇති වෙළෙඳ සහ ආර්ථික සම්බාධක ද ලිහිල් කර තිබේ.
දෙවැනි ධුර කාලය සඳහා ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ඔබාමා සිය පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගෙන ඇත්තේ ද ආසියා කලාපීය රාජ්‍යයක් වන මියන්මාරයයි.
ලබන 18 වැනිදා ඔබාමා මියන්මාරයේ සංචාරය කිරීමට නියමිතය. එම සංචාරයේ දී ජනපති ඔබාමා මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් සහ සූ කී ද හමුවනු ඇති අතර ද්වීපාර්ශ්වික සබඳතා තරකර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇත. ඇමෙරිකා ජනපතිවරයා ඉතා හරසරින් පිළි ගැනීමට තමන් සූදානමින් සිටින බව මියන්මාර රජය පවසයි. ඇමෙරිකා ජනපතිවරයකු මියන්මාරයේ සංචාරයක නියැළෙන ප‍්‍රථම අවස්ථාව එය වනු ඇත.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
නිදහසේ හුස්ම ගන්නවා
එතකොට මෙයා බුද්ධගයාව පැත්තට එහෙම යන්නනේ නැද්ද ?(ස)
මධූ මොනවද ඉන්දියාව ගැන දන්නේ? (නි)
ඔය හරි සිල්වා. (නි)
මියන්මාරය තුළ අපට මෙතෙක් නොඇසුණ ජනවාර්ගික, ආගමික ගැටුම් දැන්මතියාම පටන්ගෙනද? (නි)
මියන්මාරය දියුණුවෙන පාටක් තියෙනවද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
තවත් බෞද්ධ රටක් අන්‍යාගමික කිරීමට දරන ප්‍රයත්නයක් (ස)
ඉන්දියාව කියන්නේ හොඳ රටක්, හොඳ දේශපාලනයක් තියෙන රටක් . ඔබතුමිය බුද්ධිමත්. මගෙන් සුබ පැතුම් (ස)
මොන එහෙකටද මන්දා මේ සීදේවි නෝනාව හිරේ දැම්මේ..බලන්නකෝ මූණේ තියෙන සිරියාව (ස)
ඇයි අපේ රටේ දේශපාලනය හොද නැද්ද? (නි)