මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ ප‍්‍රදේශය ඊයේ(11) රික්ටර් පරිමාණයේ ඒකක 6.8ක් සටහන් කළ භූ කම්පනයකින් කැළඹී ගිය අතර ඉන් 13ක් ජීවිතක්ෂයට පත්ව 40ක් තුවාල ලැබූහ. භූකම්පනයේ අපිකේන්ද්‍රය මැන්ඩලේ නගරයට කිලෝමීටර් 60ක් වයඹදෙසින් පිහිටි ස්ථානයක කිලෝමීටර 10ක් භූ අභ්‍යන්තරයේ පිහිටා ඇතැයි ඇමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. භූකම්පනයෙන් 40ක් තුවාල ලබා ඇති බවත් පස් දෙනෙක් අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ. මෙසේ අතුරුදන්ව ඇත්තේ ඉරවඩි ගංගාව හරහා ඉදි කර ඇති පාලමක වැඩ කරමින් සිටි පිරිසකි. මේ අතර රික්ටර් පරිමාණයේ ඒකක 5ක් සටහන් කළ පසුකම්පන කිහිපයක් සිදු වූ බව භූවිද්‍යාඥයෝ පවසති. මියන්මාරයේ කයුක් මියුන්ග් සහ සින්ට් කු යන නගරවලට භූකම්පනයෙන් දැඩි බලපෑම් සිදු විය. අසල්වැසි තායිලන්තයේ බැංකොක් නුවරට මෙන්ම ලොව ජනාකීර්ණම නගරයක් ලෙස සැලකෙන කිලෝමීටර් 572ක් එපිටින් පිහිටි බංග්ලාදේශයේ ඩකා නුවරට පවා පසුකම්පන වල බලපෑම දැනුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’
COMMENTS
දර්ශන ඔබ හරි (ස)
මුතූ ඔයා හරි (ස)
මුතූ, ඔයා මියන්මාරයට ඇවිත් තියෙනවද ??? ඇමරිකාව ගැන මොකද කියන්නේ (ස)
සමන් හරි. (නි)
භූතල මායිමකට ආසන්නව භූකම්පා ඇතිවිම ස්වාභාවිකයි.මුතු විද්‍යාව පොඩ්ඩක් ඉගෙනගන්න.(ස)
ගොඩක් හොඳ පුවතක් (ස)
මුතුකුඩ මහතා ඔබ හරි ,විද්‍යාවෙන් සොයා ගත් දේ අල්පය .සියල්ල සොයාගැනීමටද නොහැක .(නු)
අද මනුෂ්‍යයා සියල්ල විද්‍යාවට බාරදී කටයුතු කළත් එම මනුෂ්‍යයා විද්‍යාවෙන් නොසොයා ගත් දේ ඉතා විශාලය. (නි)
හොඳයි කිව්වේ ජාතිවාදීන්ට විතරයි. අනිත් අය සමා වෙන්න ඕනි (ස)
මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් මනුෂ්‍යයාගේ දෛනික ජීවිතයට සරදම් කිරීමේ විපාකයන්ට ලැබුණා වූ ප්‍රතිඋත්තරයක් ලෙස දකිමු. (නි)