ඉන්දියාවේ මුම්බායි නගරයේ මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් හතර දෙනකු මියගොස් 16දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මහල් 17කින් යුතු මෙහි 12වන තට්ටුවේ ගින්න හටගෙන ඇති බවත් එය ක්ෂණිකව ඉහළට පැතිරී ගිය බවත් පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ගොඩනැගිල්ල අනාරක්ෂිත ස්ථානයක් බවට නම් කර එහි පදිංචිකරුවන් ඉවත් කිරීමට පියවර ගනු ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
මෙය මාස හතක් ඇතුලත මුම්බායි හි සිදුවූ තෙවන මාරාන්තික ගිනි ගැනීම බව පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd