ආජන්ටිනාවේ වෙරළ තීරයකදී සංචාරකයන් සුරතල් කිරීමට හා ඡායාරූප ගැනීමට යොදාගත් ඩොල්ෆින් පැටවකු මිය ගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

සැන්ටා ටෙරෙසිටා වෙරළ තීරයේ ගිමන්හළකදී මෙම සිදුවීම වී ඇතැයි කියති. සත්ත්ව අවිහිංසාවාදී සංවිධාන හා ක්‍රියාකාරීහු මෙම සිදුවීමට දැඩි විරෝධය පළ කරති.

ආර්ජන්ටිනාවේ වනජීවී පදනම ද මෙයට විරෝධය දක්වා ඇත.

ෆ්රැන්සිස්කානා ඩොල්ෆින් හෙවත් ලා ප්ලාටා ඩොල්ෆින් විශේෂය දුර්ලභආවේණික සත්ත්ව කොට්ඨාසයක් බවත් ආර්ජන්ටිනාව, උරුගුවේ හා බ්‍රසීලයේ පමණක් දැකිය හැකි බවද කියති. රතු ලැයිස්තුවේ දුර්ලබ සත්ත්ව කොට්ඨාසයක් ලෙසද එම ඩොල්ෆින් මත්ස්‍යයින් නම් කර ඇත.

පසුගිය සතියේ සිදුවීම සම්බන්ධ වීඩියෝ සාක්කි ‍පෙන්වා දෙන්නේ එසේ මිය ගිය ඩොල්ෆින් මත්ස්‍යයා එක් අයකු විසින් බාල්දියකට අල්වා අනෙක් කලහකාරී ලෙස හැසිරුණු පිරිස අතට යවා ඇති බවයි. අතින් අතට ගිය අඩි කිහිපයක් දිග ඩොල්ෆින් පැටවා මඩේ මැරී සිටින ආකාරය දැකිය හැකි විය. එහි සිටි කිසිවකු හෝ ඩොල්ෆින් පැටවා යළි වතුරට දැමීමට උත්සාහ කරන ආකාරයක් එම වීඩියෝ පටවල සටහන්ව නැතැයි කියති.

baby-dolphine-dies_650x400_41455849000 baby-dolphine-dies_650x400_61455848884