රුසියාවේ රූපවාහිනී නාළිකාවක සේවය කළ ඇමරිකා ජාතික ප්රවෘත්ති නිවේදිකාවක් රුසියාව යුක්රේනය හා ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් වූ පුවතක් කියවමින් සිට එක්වනම තමන් ඉල්ලා අස්වන්නේයැයි ගුවනේදීම ප්‍රකාශ කළාය.
ලිස් වහල් නම් වන ඇය රුසියාවේ ප්‍රකට නිවේදිකාවකි.
ඇය පැවසුවේ රුසියාවේ අසාධාරණකම් සාධාරණීකරන කරන මෙවන් පුවත් නාළිකාවක සේවය කිරීමට තමන්ට නොහැකි බවයි.
තමන්ට රුසියා සම්භවයක් ඇති බවත් තම මිත්තණිය හා මුත්තණුවන් එකල රුසියාවේ කොමියුනිස්ට් පාලනයේ පීඩා ඉවසාගත නොහැකිව ඇමරිකාවට පළා ගියවුන් බවත් ඇය එහිදී හෙළි කළාය.
බොහෝ දෙනා පවසන්නේ ලිස් ගේ මෙම උත්සාහය ජනප්‍රිය වීමට තැත් දැරීමක් බවයි.
රුසියාව හා යුක්රේනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයද සිටින්නේ දෙපිළ ඛෙදීය.රුසියාව දැන් යුකරේනයේ ක්රිමෙයා ප්‍රදේශයේ බලය අතට ගෙන සිටින අතර ක්රිමෙයා ප්‍රදේශයේ පාලකයෝ හා වැසියෝ ඊට විරෝධය පළ කිරීමෙන් වැළකී සිටිති.
COMMENTS
ඇමරිකාවෙන් වෙන රටකට හමුදා යවද්දී ඒ රටේ ස්වයිරිබාවේ ගැන මරහඩ දෙන ලංකාවේ ඇත්තෝ රුසියාවෙන් යුක්රේනෙට හමුදා යවද්දී මික් කියන්නේ නැහැනේ. ඒ මොකෝ රුසියාවට බයද. නැතිනම් ඇමරිකන් වැරදි විතරද පෙනෙන්නේ.(නදී)
මටනම් ඔයවගේ ගතිගුනයක් ගෑවිලාවත් නෑ.(දී)
මෙම ප්‍රවෘති නිවේදිකාව වැඩකලේ ගුවනේ පිහිටි විකාෂනාගරයක සිටද ? නැත්නම් ගුවන් යානයක සිටද ? (නදී)
ඒ පැත්තේ මිනිස්සුන්ට නැති අමරුවක්නේ අනිත් රටවලට තියෙන්නේ.(නදී)
මේක තනිකරම බොරු වීරත්වයක් ඇමරිකානුවන් ඉදිරියේ මවා පෙන්වා ඇයට ඇමෙරිකාවේ හොද රැකියාවක් සොයා ගැනීමට කල නින්දිත ක්‍රියාවකි. (අ)
මාධ්‍ය වගකීම ඒක තමයි එය දැන වැඩකරන්න ඕනේ (දී)