IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉහළම සම්මාන ලබයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගෞරවයට පාත්‍ර වී ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිවිල් වැසියෙකුට ලබාදෙන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා ඇත.

දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් ඔහුට එම සම්මානය ප්‍රදානය කෙරුණි 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිර්මාතෘවරයා වන ෂෙයික් සෙයිඩ් බින් සුල්තාන් අල් නහියන්ට (Sheikh Zayed bin Sultan al-Nahyan) ගෞරවයක් ලෙස ඕඩර් ඔෆ් සෙයිඩ් ('Order of Zayed') ලෙස නම්කර ඇති සම්මානය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ප්‍රදානය කළේ අබුඩාබියේ ඔටුන්න හිමි ෂෙයික් මොහොමඩ් බින් සෙයිද් කුමරු විසිනි.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ  එමීර් සංචාරය අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට කුමරුගෙන් විශිෂ්ට පිළිගැනීමක් හිමි වූ බවයි.සිය සොහොයුරෙකු ලෙස සළකන මෝදි ඔහුගේ දෙවන නිවහනට පැමිණි බව කුමරු සඳහන් කර ඇත.
 
මෙහිදී දෙරටේ නායකයින් සාකච්ඡා වටයක් සඳහාත් එක්වුණි. වෙළඳ හා සංස්කෘතික සබඳතා ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී ඔවුන් සාකච්ඡා කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
(125)
(අල්ජසීරා ඇසුරෙනි)



අදහස් (0)

මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉහළම සම්මාන ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 75 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 936 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site