ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දූෂණ සම්බන්ධයෙන් තොරතුරු රැසක් තමා සතුව ඇතැයි ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

මෙම චෝදනා බරපතල බැවින් එවැනි චෝදනා ඇත්නම් වහා හෙළි කරන ලෙසත් නැතිනම් අගමැති මෝදිගෙන් සමාව ගන්නා ලෙසත් මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයෝ ඉල්ලා ඇතැයි කියති.

මේ සම්බන්ධ තොරතුරු තමන් ඉන්දීය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන බව රාහුල් ගාන්ධි කියා ඇත.

ඉන්දියාවේ ප්‍රබල දූෂණ විරෝධියකු හා දේශපාලනඥයකු වන අර්වින්ද් කෙජ්රිවාල් පවසා ඇත්තේ හැකිනම් එම තොරතුරු පාර්ලිමේන්තුවෙන් පිටතදී හෙළිදරව් කරන ලෙසයි.