මියන්මාර අතුරු මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී පෙරේදා (3) මැතිවරණ වේදිකාවක කතා කරමින් සිටියදී හිටිහැටියේ අසනීප වූවාය.
එම අවස්ථාවේදී ඇය මියන්මාරයේ දෙවැනි විශාලතම නගරය වන මැන්ඩලේ නුවර ලක්ෂයකට වැඩි පිරිසක් අමතමින් සිටියාය. තමාට ක්ලාන්ත ගතියක් දැනෙන බව පවසමින් කතාව හදිසියේ නැවැත්වූ 66 හැවිරිදි සූ කී වේදිකාවෙන් බැස ගිය අතර ඇයට වෛද්‍ය ප‍්‍රතිකාර කඩිනමින් ලැබුණි.
”සූ කී රැස්ව සිටි පිරිස අමතන්න පටන් ගත්තේ සෙම්ප‍්‍රතිශ්‍යාවෙන් සිටිද්දීයි. දිගු වේලාවක් එකදිගට අව්වේ සිටි නිසා ඇයට ක්ලාන්ත ගතියක් ආ බව කීවා. දැන් ඇයගේ තත්ත්වය හොඳයි” යැයි පැය කීපයකට පසු සූ කීගේ වෛද්‍යවරිය ටින් මායෝ මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියාය.
මියන්මාර අතුරු මැතිවරණය පැවැත්වෙන්නේ ලබන අපේ‍්‍රල් පළමුවැනිදාය. ඒ වෙනුවෙන් සූ කී සහ ඇයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මේ දිනවල මියන්මාරය පුරා යමින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නියැලෙයි.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd