IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


මැතිවරණය දුෂිතයි: ඉම්රාන් ඛාන් කියයි

ඉකුත් 11 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයේදී වංචා රැසක් සිදුවූ බවත්, ඒ සම්බන්ධයෙන් තමා සහ තම පක්ෂය මැතිවරණ කොමිසමට ධවල පති‍්‍රකාවක් බාර දීමට කටයුතු කරන බවත් ඉම්රාන් ඛාන් පවසයි.

පාකිස්තාන දේශපාලනයට නවකයකු වන ඉම්රාන්, හිටපු ටෙස්ට් කි‍්‍රකට් තරුවක ද වෙයි. ඉකුත් 7 වැනිදා ලාහෝර් නුවර දේශපාලන රැුලියක් අමතමින් සිටිද්දී සිදුවුණු අනතුරක් හේතුවෙන් ඔහු තවමත් සිටින්නේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමිනි.

මැතිවරණය දුෂිත යැයි ඉම්රාන් පැවැසුවේ රෝහල් ඇඳේ සිට රූපවාහිනිය ඔස්සේ සිය ආධාරකරුවන් අමතමිනි. ඒ, නවාස් ෂරීෆ් ජයග‍්‍රහණය කළ බව එරට මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කළ අවස්ථාවේදීය.

මැතිවරණයෙ අවසන් ප‍්‍රතිඵල අනුව දෙවැනි ස්ථානය හිමුවූයේ ඉම්රාන්ගේ පක්ෂයටය. තෙවැනි ස්ථානය හිමිවූයේ ජනපති සර්දාරිගේ පාලක ජනතා පක්ෂයටය.
ඡුන්ද නිරීක්ෂණය සඳහා පැමිණ සිටි යුරෝපා සංගමයට අයත් ඡුන්ද නිරීක්ෂණ කණ්ඩායම් පවසා ඇත්තේ මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් තමන්ට ලැබුණු බවය.

 



අදහස් (0)

මැතිවරණය දුෂිතයි: ඉම්රාන් ඛාන් කියයි

හේරත් Tuesday, 14 May 2013 11:58 PM

ඒකනේ මම මැතිවරණයට ඉල්ලුවේ නැත්තේ. ඒ විතරක් නෙමෙයි, වේදිකාවත් දුෂණයෙන් පිරිලා. (නි)

:       0       0

රිස්වි Tuesday, 14 May 2013 02:18 PM

හා පෝ... එහෙත් එහෙමද මෙහෙත් එහෙමයි. (ස)

:       0       0

චන්දන Tuesday, 14 May 2013 05:39 PM

පාකිස්තානේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ... (නි)

:       0       0

හේරත් Wednesday, 15 May 2013 07:23 AM

ඉම්රාන් අයියේ, බෝලය වේගයෙන් පිටිය දිගේ ලිස්සා ගීයා. සීමාවේදී රැක ගත්තා. ලකුණුත් නැහැ. කාලය අවසන්. ඊළඟ මැච් එකේදී පුරුදුවෙලා හොඳට සෙල්ලම් කරමු. පිට්ටනියට, තණ කොළ වලට බැනලා වැඩක් නෑ දැන් (නි)

:       0       0

ගයාන් Tuesday, 14 May 2013 07:11 PM

කවුරුත් පැරදුනාම කියන්නේ ඔය කතාවනේ.පැරදුනු කවුද කියලා තියෙන්නේ, මෙච්චර ඡන්ද මට එන්න විදියක් නැහැ, මට වඩා ජනතාව කැමති එයාට, ඒක නිසා මගෙන් සුබ පැතුම් කියලා? (නි)

:       0       0

ෆර්සාන් Tuesday, 14 May 2013 08:59 PM

හික් හී.. ඉස්ලාම් බ්‍රදර් හුඩ් එකේ තරම පේනවා අපිට. (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 14 May 2013 12:43 PM

තුන් වතාවක්ම පිටපිටම අගමැතිකම එක්‌ අයෙකුටම යාම ටිකක් හොඳ මදි වුණත්,ජනතා කැමැත්තනේ. අපි හිතුවේ ඉම්රාන් ඛාන්ට ජය ලැබෙයි කියලා. කමක් නැහැ. ඊළඟ වතාවේ හරි බලමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 60 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 364 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site