IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මැතිවරණයට ඇඟිලි නොගසන්නැයි ට්‍රම්ප් කියයි

මැතිවරණයට ඇඟිලි ගසන්න එපා යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා අද (28) රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට පැවැසීය.

ජී-20 සමුළුවට සහභාගී වීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා, චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා ඇතුළු ජී -20 කණ්ඩායමේ රටවල රාජ්‍ය නායකයෝ ජපානයේ ඔසාකා නුවරට පැමිණ සිටිති.

ජී-20 සමුළුවේ ආරම්භක දිනයට අතරවාරයේ දී ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර කෙටි හමුවක් පැවැත්විණි.

එම අවස්ථාවේදී මැතිවරණයට ඇඟිලි ගසන්න එපා යැයි රුසියානු ජනාධිපතිවරයාට පවසන්නේ දැයි මාධ්‍යවේදියෙක් ඇමෙරිකානු ජනාධිපතිවරයාට පැවැසීය. ඊට සිනාසුණු ඇමෙරිකා ජනාධිපතිවරයා, රුසියානු ජනාධිපති පුටින් දෙසට සෙල්ලක්කාර ලෙස ඇඟිල්ලක් දිගුකර “ඡන්දෙට ඇඟිලි ගහන්න එපා ජනාධිපතිතුමා, ඇඟිලි ගහන්න” එපා යැයි විහිළුවෙන් පැවැසීය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට මහතාට ඊට කිසිවක් නොකී අතර සිනහාවකින් ප්‍රතිචාර දුන්නේය. 

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජනාධිපති ධුරයට පත්වීමට රුසියාව උපකාර කළේ යැයි චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශන වලදී රුසියාව 2016 වසරේ පැවැති ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවත් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියට රුසියාව සහාය දුන් බවත් අනාවරණය වී තිබේ. 

ෆින්ලන්තයේ හෙල්සින්කි හිදී පසුගිය වසරේ පැවැති මතභේදාත්මක හමුවෙන් පසුව නායකයන් දෙදෙනා හමු වූ පළමු අවස්ථාව මෙය විය. 

 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055



අදහස් (1)

මැතිවරණයට ඇඟිලි නොගසන්නැයි ට්‍රම්ප් කියයි

Rasika Friday, 28 June 2019 09:54 PM

ඇමෙරිකාව ලෝකේ තියෙන බොහොමයක් රටවල පාලකයින්ව වෙනස් කරන්නත් මැතිවරණ වල ප්‍රතිඵල වෙනස් කරන්නත් ඉතාම සක්‍රීය ලෙස සහභාගි වෙනවා. ලංකාවේ, මියන්මාරය ඇතුළු තවත් රටවල් කිහිපයක මැතිවරණ ප්‍රතිඵල වෙනස් කරන්නට බලපෑම් කිරීම සඳහා ඩොලර් මිලියන ගණන් වියදම් කළා කියලා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවම කියලා තිබුණා ඔවුන්ගේ විගණන වාර්තාවේ... ඒ 2015. බොහොමයක් ප්‍රබල රටවල් කරන්නේ මේවා තමයි. එ්ක තමන්ට වුණාම තමයි තේරෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 915 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 626 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site