විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ 50 වැනි සංවත්සර රැස්වීමට සහභාගී විය.
සමරවීර මහතා එහිදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක හෙලන් ක්ලාක් හමුවිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර පවතින ප්‍රබල සම්බන්ධතාවය තහවුරු කර ගැනීමටත් සංවර්ධන අභියෝගයන්ට මුහුණ දෙන ආකාරයත් ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීමේ වත්මන් වටපිටාව පිළිබඳවත් සාකච්ඡා කිරීමට සමරවීර මහතා ඇතුළු විදේශ අමාත්‍යංශයේ නියෝජිත පිරිස එක්වූහ.
එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් සමගද සමරවීර මහතා සාකච්ඡා කළේය.
ප්‍රධාන ආධාර සපයන ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල සාමාජිකයන් හමුවේ ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පසු සාමය ගොඩනැගීමේ යාන්ත්‍රණය සහ සංවර්ධනයේ වැදගත්කම ආදිය මංගල සමරවීර මහතා පැහැදිලි කළේය.
ඔහු පැවසූයේ සාමය හා සංවර්ධනය අතර එකිනෙක බැඳුණු සබඳතාවයක් ඇති බවයි. එම සංවත්සර රැස්වීමේදී විදේශ ඇමැතිවරයා සිය කථාව මගින් දරුණු යුද්ධය නැවැත්වීම, සාමකාමී සමාජයක් ගොඩනැගීම පිළිබඳව අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව 1948 දී ලබාගත් නිදහස පිළිබඳව අදහස් දැක්වූ සමරවීර මහතා ජාතියක් වශයෙන් ලංකාව ගොඩනැගුණු ආකාරය එහිදී මනාව පැහැදිලි කළේය. නැගෙනහිර ස්විට්සර්ලන්තයක් ලෙස ශ්‍රී ලංකාව එකල අනෙක් රටවලටද ආදර්ශයක් වූ බවත් අවාසනාවට එය බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික රටක් වශයෙන් ඉදිරියට යාමට අසමත්වූ බවත් ඔහු පැවසීය.
මංගල සමරවීර මහතා සිය සංචාරය අතරතුරදී එක්සත් ජාතීන්ගේ ඇමරිකා තානාපති සමන්තා පවර් සහ නිත්‍ය නියෝජිත මිචෙල් සිසන් සමග ද නෝර්වේ විදේශ ඇමැති බෝජ් බ්‍රෙන්ඩේ, ස්වීඩනයේ සංවර්ධන ක්‍රමෝපාය ඇමැති ක්‍රිස්ටිනා පියර්සන් සමගද සාකච්ඡා පැවැත්වීය.




COMMENTS
නියමයි සුබ පැතුම්.! (ර)
මේ රටවල් වල මානව හිමිකම තියනවද? (බ)
අපි නොදන්න කට්ටිය! (නි)
මෙම බලවතුන්ගේ සිතෙන් අප රට ගැන මානව හිමිකම් පිළිබඳව ඇති දුර්මත දුරුකොට එක්සත්ව සංවර්ධනය කරා පියනඟන දේශයක් යන්න තහවුරු කරන්න අපේ විදෙස් ඇමතිතුමාට හැකිවේවා! (නි)