ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බිය, කෝපයකට හැරී ඇතැයි කොංග්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධි අද (20) පැවැසීය.
භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව සහ අගමැති මෝදිට එරෙහිව ඉදිරිපත් කර තිබූ විවාදය අතරවාරයේදී රාහුල් ගාන්ධි ඒ බව සඳහන් කළේය.
“අග්‍රාමාත්‍යවරයා සහ භාරතීය ජනතා පක්ෂයේ නායකයා යනු වෙනස්ම ආකාරයේ දේශපාලනඥයන් දෙදෙනක්. ඔවුන් අපි (කොංග්‍රසය) වගේ නෙවෙයි. අපි ජය පරාජය විඳ දරාගන්නවා. බලයේ ඉන්නවා. බලය නොමැතිවත් ඉන්නවා.
එහෙත් ඔවුන්ට බලය නොමැතිව ඉන්න බැහැ. ඔවුන් බලය අහිමි වෙනවාට බයයි. ඒ බය දැන් කෝපයකට හැරිලා” යැයි විවාදයට එක්වෙමින් රාහුල් ගාන්ධි කීවේය.
ඉන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ගිය රාහුල් ගාන්ධි ඔහු බඳාගෙන නැවතත් තම අසුනට පැමිණියේය.
“කොංග්‍රසයේ වැදගත්කම පෙන්වාදීම ගැන මම අගමැතිවරයාට ස්තූතිවන්ත වෙනවා. ෂිව දෙවියන්ගේ සත්‍ය තේරුම පෙන්වාදීම වෙනුවෙන් මම අගමැතිවරයාට කෘතඥ වෙනවා.
මම දන්නවා ඔබට මා පරිණත නැති කෙනෙක්, නොමේරූ කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට මොට්ටයෙක් වෙන්න පුළුවන්. එහෙත් මට ඔබ ගැන පොඩි හෝ කේන්තියක්වත් නැහැ” යැයි ද රාහුල් ගාන්ධි කීය.
“චීනය පැය 24කදී තරුණයන්ට රැකියා 50,000ක් දීලා. මේ ආණ්ඩුව පැය 24කදී තරුණයන්ට දී තිබෙන රැකියා සංඛ්‍යාව 400යි” යැයි ද රාහුල් ගාන්ධි මෙහිදි භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවට චෝදනා කළේය.
ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියකදී සිදු වූ වංචාවක් ඇතුළු වංචා දූෂණ කිහිපයක් සම්බන්ධයෙන් රාහුල් ගාන්ධි සිය කතාවේදී අගමැති මෝදී ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවට චෝදනා එල්ල කළේය.
ද හින්දු
055




2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
878
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
භාරතීය ජනතා පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට රාහුල් ගාන්ධිගෙන් චෝදනා