ස්ටොක්හෝම්හිදීය (ඒ.එෆ්.පී)
භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන ‘නොබෙල් ත්‍යාගය’ මෙවර ඇමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයන් තිදෙනකුට හිමිවිය.
විශ්වයේ ගුරුවත්ව තරංග සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ බැරී බැරිෂ්, කිප් ත්‍රෝන් සහ රීනර් වෙයිස් යන භෞතික විද්‍යාඥයන් තිදෙනාට මෙවර නොබෙල් ත්‍යාගය හිමිවන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය.
ගුරුත්ව තරංග සම්බන්ධයෙන් ප්‍රථම වරට තොරතුරු අනාවරණය කරනු ලැබුවේ 20 වැනි ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා ලෙසින් හැඳින්වෙන ඇල්බට් අයින්ස්ටයින් විසිනි. ඒ ඔහුගේ සාපේක්ෂතාවදය පිළිබඳ සාකල්‍ය න්‍යායේ කොටසක් වශයෙනි. එහෙත් ගුරුත්ව තරංග පළමුවරට සොයාගැනීමට හැකිවූයේ 2015 වසරේදීය.
බැරී බැරිෂ්, කිප් ත්‍රෝන් සහ රීනර් වෙයිස් යන විද්‍යාඥයන් තිදෙනාගේ සොයාගැනීම ලෝකය පුදුමයට පත් කළා යැයි ස්වීඩන රාජකීය විද්‍යා ඇකඩමියේ ප්‍රධානී ගොරාන් කේ හැන්සන් පැවැසීය.
රීනර් වෙයිස් 85, බැරී බැරිෂ් 81 සහ කිප් ත්‍රෝන් 77 යන වයස්වල පසුවෙති. භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාග මුදල වන ස්වීඩන ක්‍රෝනෝර් මිලියන 9 (එක්සත් ජනපද ඩොලර් මිලියන 1.1) ඔවුන් තිදෙනා අතරේ සම සමව බෙදී යයි. එමෙන්ම නම සඳහන් කරන ලද නොබෙල් පදක්කමක් ඔවුන් තිදෙනාට හිමි වේ.
055
COMMENTS
ගුරුත්ව තරංග ගැන පැහැදිලි කිරීමක්, යම්කිසි විද්වතෙකු පැහැදිලි කරන්නේනම් ඉතා වැදගත් වේවි. සියලුම පාඨකයන්ට.
ගුරුත්ව තරංග යනු විශ්වයේ හටගත් අධික ශක්තිසම්පන්න මෙන්ම ප්‍රමාණයෙන් විශාල සංසිද්ධීන්ගේ හේතුවෙන් හටගත් අවකාශ-කාලය යන දිමානය හරහා ගමන් කරන රැලි විශේෂයකි. සරලව කිවතොත් විශ්වයේ කිනම් හෝ ස්ථානයක යම් කාලයකදී හටගත් ක්‍රියාවක් නිසා නිකුත් වූ ශක්තිය තරඟයක ආකාරයෙන් මේ විශ්වය පුරා ව්‍යාප්ත වීමය. එය සංකීරණ විද්‍යාත්මක උපකරණ තුලින් හදුනා ගැනීම හා සම්බන්දව නොබෙල් ත්‍යාගය දිනා ඇත. මෙහිලා අඩංගු සෛදන්තිකය 1916 Albert Einstein මහා විද්‍යාඥයා විසින් මුල් වරට ලොවට හදුන්වා දුනි. මෙම සෛදන්තිකය සරලව අවබෝද කලහැකි හොදම නිදසුන නම් වතුරට ගලක් දැම්මම ගල වැටුන තැනෙ සිට කවාකාරව ජලය මතුපිට රැලි නිකුත් වීම. මෙම සෛදන්තිකය පුරා වසර 100ක් පමණ පෙර එලි දැක්වුවද ප්‍රයෝගිකව ගුරුත්ව තරංග හදුනා ගැනීම ප්‍රථම වරට සිදුවුයේ පසුගිය වසරේදීය. එහිලා ප්‍රමුඛව නියලුන ප්‍රධාන විද්‍යාඥයන් (scientists ) තිදෙනාට තමා මෙවර භෞතික විද්‍යාවට අදාල නොබෙල් ත්‍යාගය හිමිවුණේ. ගුරුත්ව තරංග වලින් ලබාගත හැකි ප්‍රයෝජන තවම නොදන්නා නමුත් මෙය මානව ඉතිහාසේ සිදුකල දැවැන්ත සොයා ගැනීමකි.
මෙවන් විද්‍යාත්මක සත්‍ය තිබියදී ලංකාවේ ඇතැම් බහුබූතයන් වාලම්පුරි, පිරිත්නූල්, බොධී පූජා, පසුපස ගොස් බදු දහමටද නිගා කරති
අපේ මහාචාර්ය නලින් සිල්වා කියන්නේ මේ ඔක්කොම බොරු කියලා. ගුරුත්වාකර්ෂණය කියලා දෙයක් නැහැලු. "ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග" කියවන්න...
එක්කෝ නලින්ද සිල්වා අදහන්න එක්කෝ විද්‍යාව අදහන්න. ඔය දෙකම ගලපන්න බැහැ.