පොදු ප‍්‍රවාහන සේවයේ යොදවා ඇති බස්රථ වහල මත ගස් වැල් වගා කර තිබීමේ පුවතක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි.
ස්පාඤ්ඤයේ වායු දුෂණය ඉහළ නගරයන්හි මෙම බස්රථ ධාවනයේ යෙදවේ.මෙම ව්‍යාපෘතියේ අරමුණ ශාඛ වල ප‍්‍රභාසංස්ලේෂණ කි‍්‍රයාවලිය ආධාරයෙන් දුෂිත වාතය යම් තරමකට හෝ පිරිසිදු කර ගැනීමයි.
ප‍්‍රභාසංස්ලේෂණයේ අතුරුඵලයක් ලෙස නිපදවෙන ඔක්සිජන් දුෂිත වාතය පිරිසිදු වීම සදහා හේතු වේ.
‘‘වහල උඩ ගස්‘‘ බස්රථ නිර්මාණ ශිල්පී මාර්ක් ග්රානෙන්ගේ අදහසකි.මෙයින් වාතය පිරිසිදු වනවා සේම බස්රථ දකින හා ඒවායේ ගමන් ගන්නා පුද්ගලයිනුත් වායු දුෂණය ගැන සැළැකිලිමත් වන බව ඔහු කියයි.
ශාඛවලට සැපැයෙන්නේ බස්රථයේ වායුසමන යන්ත‍්‍රයෙන් බැහැර වන ජලයයි.
වර්ෂාවක් වැසි විට වහල කඩාගෙන වැටෙතියි බිය විය යුතු නැත.ශාඛ වගා කර ඇත්තේ විශේෂ අමුද්‍රව්‍යයක් මත ඇතිරූ පස් වල වන අතර මෙම අමුද්‍රව්‍ය ජලය උරාගැනීමේ සමත්ය.වැඩිපුර ජලය බැහැර කිරීම සිදුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගැමුණුට කිවුවා නම් හරි ගස් වවන්න කියලා. එතකොට බස් ගාස්තු වැඩිකරගන්න පුලුවන්. (නි)
මේ විදිහට එළවලු ටික වවා ගන්නත් හැකි වෙයි වගේ. (දී)
ගංජා පැල වගේ වැව්වා නම් වඩා වටිනවා.. (නි)
මේක ලොකු ව්‍යාපෘතියක් හැටියට කෙරෙන්න නම් දේශපාලන අනුග්‍රහය තිබෙන්න ඕනෑ. දේශපාලන අනුග්‍රහය තිබෙන්න නම් ඒ ගොල්ලන්ට ප්‍රයෝජනයක් තියෙන්න ඕනෑ. ලොකු වෙනකොට කපාගන්න පුළුවන් ගස් වර්ග වවන්න පුළුවන් නම් වැඩේ හරියනවා නිසැකයි. (නි)
මේ වගේ දේවල් අපේ රටටත් ඔබිනවා. පරිසරයට ආදරය කරන අය ඉන්නවා නම් හොද ප්‍රතිචාර දාන්න .අපි කැමති මේ වගේ වැඩසටහන් ලංකාවෙත් ක්‍රියාත්මක වෙනවා නම්. (නි)
බස් එකවත් හෝදන්නෙ නැති ලංකාවෙ ගස්වලට වතුරම දමයි. (නි)
අපේනම් ගස් හැදෙන්නේ සීටීබී බස් වල වහලනේ (අ)
අපේ රටටත් හොඳ වැඩක්. වහලය දිරපු ගමන් ටින්කර් බාස්ලාට ගෙවන්න ගිහාම තමයි දෙවියෝ,බුදුන් සිහිවෙන්නේ.... (දී)
කරුණාකර මෙම බස් කීයක් එම රටේ ධාවනය වෙනවද, මොන නගර වලද කියලත් ලියන්න ඔබට හැකි නම්. මම ගොඩක් සතුටුයි එහෙම වුනොත්. මෙම වසරේත් එම රටට ගියාම ඒක ගැන විශේෂයෙන්ම බලන්න මම කැමතියි. බස් උඩ වවන්න පෙර බිම වවලා ඉදිමු අපි. මුල පටන්ම ගස් සහ පරිසරය රැකගෙන කටයුතු කිරීම මැනවි. (නි)
ගාලු පාරේ යන බස් වලට ඕක කරන්න බෑ. වංගු ගන්න වේගෙට මල් පැල ටික අහල පහ ගෙවල් වල වහලවල් උඩ තියේවි.(ස)
සාර්ථක නැති වැඩක් ඕක. පුළුවන්තරම් බිම සිටවන්නකෝ. නැත්නම් හැම ගොඩනැගිල්ලකම ඉහල එවැනි වගාවන් සඳහා සුදුසු බිමක් හදා ගන්න. (ස)