බෝස්ටන් මැරතන් තරගයට ඉකුත් 15 වැනිදා බෝම්බ එල්ල කළේ යැයි ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටින දෙවැනි සැකකරු 19 හැවිරිදි සොහාර් සර්නෝව්ට ඊයේ (22) සිහිය ලැබුණු බව බොස්ටන් පොලිසිය සහ එෆ්.බී.අයි. පරීක්ෂකයෝ පැවැසූහ.
ඉකුත් 20 වැනිදා පොලිස් අත්අඩංගුවට පත් වෙද්දී සොහාර් සර්නෝව් සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවිය. ඒ, පොලිසිය සමඟ පැවැති වෙඩි හුවමාරුවේදී ඔහු තුවාල ලැබීම නිසාත් දිවි නසා ගැනීමට ගත් උත්සහයත් නිසාත්ය.
මාරක තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටි සොහාර් එම අවස්ථාවේදී කඩිනමින් රෝහල් ගත කෙරුණි. වෛද්‍යවරු ඊයේ කියා සිටියේ සිහිසුන්ව සිටි ඔහු සිහිය ලැබූ බවත් පොලිසියට ලිඛිත ප‍්‍රකාශයක් ලබා දුන් බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයම වනසන්න ඉපදුනු හතුරෝ. (නි)
කොහොම හරි හොද කරලා කරන දේ පස්සේ හිතලා බලන්න (නි)
ලොකුම දේ මේ කොල්ලව නොමග යන්න හේතුව හොයාගන්න එකයි. නැත්නම් තවත් දහස් ගණනක් බිහිවෙයි. (නි)
විශ්ව, ඔබගේ කීම හරියටම හරි. (නි)
කොල්ලා නොමග යන්න ඇත්තේ ඇමරිකාව අනිත් රටවලට කරන දේ බලලා වෙන්න ඇති. මේක නොමග යාමක්මද? (නි)