මිනිස් රුධිරය කෘත්‍රිමව නිපදවීමට බ්‍රිතාන්‍යයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
රුධිරයේ ප්‍රධාන සංඝටකය වන්නේ රතු රුධිරානු වේ. ඉතිරිය සමන්විත වන්නේ සුදු රුධිරාණු වලින්,රුධිර ප්ලාස්මාවෙන් හා එහි ඇති රුධිර ප්‍රෝටින හා ලවණ වලිනි.
මෙම විද්‍යාඥයින් පිරිස කර ඇත්තේ එම ප්‍රධාන සංඝටකය වන රතුරුධිරාණු නිපදවාගැනීමයි.
මිනිස් සිරුරේ සෛල වලට ඔක්සිජන් ‘ප්‍රවාහන‘ කාර්යය භාරව කටයුතු කරනුයේ මෙම රතුරුධිරාණුය.
සිරුරේ රතුරුධිරාණු ඉබේම ජනනය වන අතර එම ජනනය කිරීමට මිනිස් පටක වල පිහිටන කුඹ සෛල නම් සෛල වර්ගයක් උපකාරී වේ.මේ අනුව පරීක්ෂණය ආරම්භ කර ඇති විද්‍යාඥ පිරිස මුලින් කුඹ සෛල නිපදවා පසුව ඒවා ආධාරයෙන් රතුරුධිරාණු නිපදවා ගැනීමට සමත්ව ඇත.
කුඝ සෛල සියල්ලම රතුරුධිරාණු බවට පත්වන්නේ නොමැති හෙයින් කුඹ ෙසෙල 100 ක් ගතහොත් ඉන් 50 ක් පමණ රතුරුධිරාණු බවට පත්වීමේ සම්භාවිතාවක් තිඛෙන බව ඔවුහු කියති.
2016 වසරේදී මිනිස් සිරුරකට මෙම කෘතිමව නිපදවා ගත් රුධිරය පාරවිලයනය කර අත්හදා බැලීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටී.
පරීක්ෂණය සාර්ථක වන්නේ නම් දැනට සිදුවන රුධිරය දන් දීමේ කටයුතු වලට හා එම රුධිරය කල් තබා ගැනීමට ගතයුතු පියවරයන්ට වැය කළ යුතු වන අතිවිශාල මුදල් සම්භාරයක් ඉතිරිකර ගත හැකි වනු ඇතැයි සදහන්ය.
කෘත්‍රිම රුධිරයේ සෞඛ්‍යමය ප්‍රතිලාභද ඇති බව පර්යේෂක පිරිස කියති.
සාමාන්‍යයෙන් රුධිර ෙසෙලයක ආයු කාලය දින 100 ක් පමණ වේ.නමුත් මිනිස් සිරුර එහි දුවන රුධිර ෙසෙලයන් දින 100 ක් ගත කර මියගිය පසු නැවත නව ෙසෙල තොගයක් නිපදවෙන ආකාරයට සකස් වී නොමැති හෙයින් මිනිස් සිරුරේ දුවන රුධිර ෙසෙල විවිධ ආයු කාලයන්ගෙන් වන ඒවා බව ඔවුන් පෙන්වා දේ.ඇතැම් ඒවා දිනක් හෝ දෙකක් වයස වෙද්දී තවත් ඒවා දින 98 ක් හෝ 99 වයසැති ඒවා විය හැක.
පාරවිලයනයේදී ග්‍රාහකයාට ලැඛෙන්නේ මේ අලූත් හා පරණ රුධිර ෙසෙලයන්ගේ කළවමකි.මෙනිසා ග්‍රාහකයාට ලැබිය යුතු වන නිසි ප්‍රයෝජනය ඇතැම් අවස්ථාවන්හි නොලැබී යන බව පර්යේෂක පිරිස කියති.
නමුත් කෘතිම රුධිරයේදී සියලූම ෙසෙල එකවර නිපදවා ඇති හෙයින් පාරවිලයනයේදී ලැඛෙන්නේ අලූත්ම අලූත් රුධිරය යැයි ඔවුහු පවසති.මෙනිසා ග්‍රාහකයාට ඉහළ ප්‍රතිලාභ අත්වනු ඇතැයි ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් සොබාදහමේ අභියෝග ජයගන්න සොබාදහමට අභියෝග කරන මිනිස්සුත් ඔය කම්මැලි මිනිස්සු අතර ඉන්නවා. එහෙම මිනිස්සු ලෝකයේ මිනිස් හිත්වල සදාකාලිකව ජීවත් වෙනවා. (නි)
කිර්ති පතිරජාගේ අදහස හරි. නමුත් මෙවැනි දේ කිරීම ස්වබාව ධර්මයට පිටින් යාමක් නොවේ, මෙය මිනිසාට හිතකර දෙයක්. (නදී)
කව්රුන් හෝ ස්වභාවධර්මයට පිටින් යයි නම් ඔහු විනාශ වෙයි.(නදී)
කීර්ති පතිරාජ, ඔයා තාම ඉන්නේ ගල් යුගයේ නේද ? (ස)
නෑ..කීර්ති පතිරාජ හරියටම හරි..කවුරුන් හෝ ස්වභාව ධර්මයට පිටින් යයි නම් ඔහු විනාශ වෙයි. (ස)