බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය වන කන්සවටිව් පක්ෂයේ නායකයා ලෙස එරට හිටපු විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් අද (23) තේරී පත්විය.
මේ අනුව බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එම තනතුරේ දිවුරුම් දීමට නියමිතය.
පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විම්සීමකින් ඔහු එලෙස කන්සවටිව් පක්ෂ නායකත්වයට තේරී පත්වූ අතර ඔහුට පක්ෂව ඡන්ද 92,153 ක් ලැබී තිබිණි.
බොරිස් ජොන්සන්ගේ ප්‍රතිවාදියා වූ වත්මන් විදේශ අමාත්‍ය ජෙරමි හන්ට්ට ලැබී තිබුණේ ඡන්ද 46,656 ක් පමණි.
ඒ.එෆ්.පී ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොන්සන්ගේ පෙනුම හා ප්‍රතිපත්ති ට්‍රම්ප්ට බොහෝ සමානයි..... එකම ලක්ෂණ ඇති පිටපත් දෙකක් වගේ. එහෙම දෙන්නෙක් ප්‍රභල රාජ්‍ය දෙකක නායකත්වයට පත්වීම අපේ රටවල් වලට ඇති අවධානම දෙගුණ කරනවා. ලංකාවට මෙවර කෙලින් තීරණ ගන්න නායකත්වයක් නොලැබුනොත් මේ රට ලෝක සිතියමෙන්ම මැකී යාමටද හැකියි. මේ තත්වය විහිළුවක් නොවන්නකි.