බ්‍රසීල බන්ධනාගාරයේ හටගත් ගැටුමින් පසු නියාමකවරුන්ට පහර දී පළා ගිය දරුණු අපරාධකරුවන් 144 දෙනා සොයා මෙහෙයුම් ආරම්භ කළ බවත් ඊට පොලිසියේ සහ හමුදාවේ සහාය හිමිවන බවත් බ්‍රසීල රජය පවසයි.
පලා ගිය රැඳවියන් අතරේ මිනීමරුවන් සහ ස්ත්‍රී දූෂකයන් සිටින බව ද වාර්තා වේ. බන්ධනාගාරයේ ගැටුම ගැනත් රැඳෙවියන්ගේ පළා යෑම ගැනත් වාර්තා වෙද්දී එම රැඳෙවියන්ගේ පවුල්වල ඥාතීහු බන්ධනාගාරය ඉදිරිපිටට රැස් වූහ.
සිදුවන්නේ කුමක්දැයි විමසමින් ඇතැම්හු බන්ධනාගාරය ඉදිරිපිට කලහකාරීව හැසිරුණු බව ද වාර්තා විය.
බ්‍රිතාන්‍ය බන්ධනාගාරවල නිරන්තරයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙයි. ගැටුම් හටගනී. ඊට හේතුව බන්ධනාගාර අපරාධකරුවන්ගෙන් පිරී තිබීමය. ඉඩකඩ මදිකම හේතුවෙන් එක් කුඩා සිර කුටියක රැඳෙවියෝ බොහෝ දෙනෙක් රඳවා තැබෙති.
බ්‍රසීල නීතිඥවරුන් සහ මානව හිමිකම් සුරැකීමේ කණ්ඩායම් බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් බ්‍රසීල රජයට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලයි කියලා තමයි බය. අහිංසකයෝ ටිකක් නම් අහුවෙයි. (නි)