බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නගරයේ පාපන්දු පුහුණුකිරීම් මධ්‍යස්ථානයක සිදුවූ ගිනිගැනීමකින් 10 දෙනකු මියගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට පොලිසිය කියයි.
බ්‍රසීලයේ විශාලතම පාපන්දු ක්‍රීඩා පුහුණු සමාජයක් ලෙස හැඳින්වෙන ෆ්ලෙමින්ගෝ ක්‍රීඩා සමාජයේ පුහුණුකිරීම් භූමියේ මෙම අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේ ක්‍රීඩකයින් නින්දේ පසුවී ඇතැයි හෙළිවී ඇත.
කෙසේ වුවද ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.
මියගිය අය අවුරුදු 14ත් 17ත් අතර වයසේ පසුවන ක්‍රීඩකයන් පිරිසක් බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ බලවත් සෝකය මෙයින් ප්‍රකාශ කරමු.