අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්, බර්ලින් විහාරස්ථානයේ නිර්මාතෘ ආචාර්ය පොල් ඩාල්කේ, බර්ලින් නුවර ථේරවාද බෞද්ධ විහාරස්ථානයක් ආරම්භ කිරීම උදෙසා මුලාරම්භක වැඩකටයුතු සිදුකර බොදු මදුර නමින් එය පටන්ගැනීම සඳහා කටයුතු කළ අශෝක වීරරත්න (මිරිතිගල ධම්මනිසන්ති හිමි) ඇතුළු බර්ලින් විහාරස්ථානයේ ශාසනික සේවාවන් ඉටුකරමින් වැඩසිටි සියලුම හිමිවරුන් සිහිපත් කරමින් පුන්‍යානුමෝදනා කිරීමේ  පින්කමක් එම විහාරස්ථානයේදී පැවැත්විණි.

කොන්ගස්පිටියේ ශාන්තරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම පින්කමට රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තලල්ලේ ධම්මජෝති හිමි, වෙරෝනා බෞද්ධ විහාරස්ථානාධිපති උඩවලවේ ඥානානන්ද හිමි, හැම්බර්ග් බෞද්ධ විහාරස්ථානාධිපති තල්පාවිල කුසලඥාන හිමි ඇතුළු මේදිනවල ජර්මනියේ සංචාරයක් සඳහා වැඩමකර සිටින චීන භික්ෂුන් වහන්සේ 25 නමක් සහභාගී වුහ.

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාතිලක අමුණුගම, බර්ලින් බෞද්ධ විහාරස්ථානයේ හිටපු කළමනාකාර තිස්ස වීරරත්න ඇතුළු ශ්‍රී ලාංකික, චීන සහ ජර්මන් ජාතික සැදැහැවතුන් විශාල පිරිසක් ද පිංකම සඳහා එක්ව සිටියහ.

berlin_20162161 berlin_20162161-2 berlin_20162161-3 berlin_20162161-5 berlin_201621614