ව්‍යාපාරිකයන් පිරිසක් ද පිරිවරාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර සංචාරයකට පැමිණි බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ඊයේ (19) ඉන්දීය රජය සමඟ නව වෙළෙඳ ගිවිසුම් කිහිපයකට අස්සන් තැබීය.
අගමැති කැමරන් ඉන්දියාවේ මුම්බායි නුවරට පැමිණියේ ඉකුත් 18 වැනිදාය. බි‍්‍රතාන්‍ය ව්‍යාපාරික ආයතන සහ සමාගම් රැසක ප‍්‍රධානීන් සහ නියෝජිතයෝද අගමැතිවරයා සමඟ එම සංචාරයට එක් වූහ.
ඉන්දියාවේ ආර්ථික කේන්ද්‍ර ස්ථානය ලෙසින් ද සැළකෙන මුම්බායි නුවරට පැමිණි අගමැති කැමරන් ඉන්දීය ව්‍යාපාරික ප‍්‍රජාව අමතමින් විශේෂ දේශනයක් ද පැවැත්විය.
අගමැති කැමරන් එම ඉන්දීය සංචාරය ආරම්භ කළේ හෙලිකොප්ටර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් දූෂණ චෝදනා රැසක් එල්ල වී ඇති මොහොතකය.
ආරක්ෂක සහ අධ්‍යාපන ක්ෂේස්ත‍්‍රය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ආයෝජන අවස්ථා රැසක් ඇති කර ගැනීමට ද කැමරන් ප‍්‍රමුඛ නියෝජිත පිරිස සූදානමින් සිටින බව වාර්තා වේ. අගමැති කැමරන් ඉන්දියාවට පැමිණියේ ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රන්සුවා ඕලන්ද්ගේ ඉන්දීය සංචාරයෙන් පසුවය. ප‍්‍රංශ ජනාධිපති ඕලන්ද් ද ඉන්දියාවට පැමිණ වෙළෙඳ ගිවිසුම් රැසකට අස්සන් තැබීය.
|
|
|
COMMENTS
සෙනරත් ආර්ථික වියදම ගැන ටිකක් හරි දන්නවා නම් ඔහොම කියන්නෙ නැහැ. (නි)
මොනවා කරන්න හදනවාද දන්නේ නැහැ (දී)
ඇයි අපටත් ආවේ ස්වාසිලන්තයෙන්... (නි)
යාලුයි යාලුයි කිවුවට චීනෙන්වත් රුසියාවෙන්වත් මෙහෙට එන්නෙ නැහැනේ. (නි)
අපේ දේශපාලඥයෝ වේදිකාවල නැග්ග ගමන් කරන්නේ යුරෝපයටයි, ඇමරිකාවටයි බනින එක. ඒවා මෙයාලට ආරංචි වෙනවා. ඒ නිසා අපේ රටට වෙළද ගනුදෙනු වලට එන්නේ නැහැ. තව තවත් අරියාදු කරනවා.(නදී)
එංගලන්තය ඉන්දියාවට ඇවිත් තියෙන්නේ දුප්පත් වෙලාද?(නදී)
සෙනරත්, ආර්ථික විද්‍යාව පොඩ්ඩක් වත් දන්නේ නැද්ද?(නදී)
බලන්න ප්‍රංශෙන්, ඇමරිකාවෙන්, ජර්මනියෙන් ආවා. මේ එන්නේ වෙලද ගනු දෙනු වලට. ඇයි අපි බුලත් දුන්නත් එන්නේ නැත්තේ.(නදී)
ආයෝජකයෝ අපේ රටට නොඑන්නේ උතුරේ ප්‍රශ්ණය නිසා නෙමෙයි. අපේ අය කම්මැලියි. උද්ඝෝෂන කරනවා. හොරකම, වංචාව වැඩියි. (නදී)
ලෝකේ වෙන දේවල් අපිට කියනවාට් ලංකාදිපෙට ස්තුති (දී)
අපිත් පොඩ්ඩක් පරිස්සම් උනාට කමක් නැහැ (දී)
අපිට බලපෑමක් වෙයිද (දී)