IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


"බ්‍රිතාන්‍යයේ නික්මීම නාටකයක්"

එක්සත් රාජධානියේ යුරෝපා සංවිධානයෙන් ඉවත්වයාමට ගෙන ඇති තීරණය සමග ජාත්‍යන්තර කරළියේ ඇතිවී තිබෙන දේශපාලන වාතාවරණයත් සමඟ රුසියා ජනාධිපති පුටින් මෙම සිදුවීම දකින්නේ එක්තරා නාට්‍යක භූමිකාවක් ලෙසත්, තම පාර්ෂවය මෙම සිදුවීම ඔස්සේ පවතින දේ සම්බන්දයෙන් මැදිහත් නොවී පරීක්ෂාකාරීව බලා සිටින බවත් මෙය තමන් හඳුන්වන්නේ යූරේසියා ලෙස බවත් රුසියා ජනාධිපති ප්‍රකාශ කරයි. ඔහු එම ප්‍රකාශය කර තිබෙන්නේ චීනයේ ෂැංහයි නුවර පැවති ෂැංහයි සංස්ථා සංවිධාන සමුළුවට සහභාගී වූ අවස්ථාවේ දීය.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කර ඇත්තේ කිසියම් අර්බුදකාරී හේතු කීපයක් මත යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි. මෙම තීරණය සම්බන්දයෙන් කළ ජනමත විචාරණයේ දී යුරෝපා සංගමයෙන් ඉවත්වීම ජයග්‍රහණය කළද එය පිටු පස ඝෘජුවම ඇත්තේ බ්‍රිතාන්‍යයේ ආගමන හා විගමන ප්‍රතිපත්ති මත පවතින්නා වූ අවාසි සහගත තත්වයක් බවත් ඒ අනූව එංගලන්ත ජාතිකයන්ට විදෙස් ශ්‍රමිකයන් මෙන්ම තම රටට ඇතුළුවන්නා වූ සංක්‍රමිකයන් හේතුවෙන් ඔවූහු දැඩි ආර්ථික අපහසුතාවයට ලක් වී සිටීමය. තවද වෙළඳ පොළ සීමා සහිතවීම, යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව කැමරන් රජයට පෙරට වඩා නිදහස් තීරණයන් තම රට වෙනුවෙන් ගත හැකි බව ද දැඩිමතධාරීන්ගේ  විශ්වාසයයි.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමගම රුසියාව හා චීනය ලෝක නායකත්වයට එක්වීමටත් එය ජාත්‍යන්තර දේශපාලනයේ නව පිටුවක් පෙරලීමට ද ඇති ඉඩකඩ වැඩි බවත් ඕස්ට්‍රේලියා දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. මේ අතර ක්‍රිස්තියානි පූජක පෝල් බෙග්ලේ වීඩියෝ දසුන් ඔස්සේ අනාවැකියක් ලෙස පවසා ඇත්තේ පසුගිය සතියේ මැතිවරණ ප්‍රතිඵල වලින් සංඥාකර ඇත්තේ අගමැති ඩේවිඩ් කැමරන් ගේ රජයේ තීරණය යුරෝපා සංගමයේ අවසානය බවයි. පූජක පෝල් වැඩි දුරටත් කරුණු දක්වමින් පවසන්නේ මෙම සිදුවීම ඔස්සේ රුසියා ජනාධිපතිවරයා සමහර යුරෝපීය රටවල් සමගත්  තවද චීනය හා තවත් ආසියා රටවල් සමගත්   එක්වී රුසියාවේ න්‍යෂ්ටික බලය තවත් තහවුරුකර  ගැනීමේ අභිලාශයෙන් ඉදිරියේ දී කටයුතු කරන බවයි. තවද මෙම අවස්ථාවේ යුරෝපා සංගමය සමග එක් විය හැක්කේ උන්මත්තකයින්ට පමණක් බවත් ඔහු පවසා ඇති බව ජාත්‍යන්තර සමාජ මාධ්‍ය පෙන්වා දෙයි.

මෙම අර්බුදකාරී අවස්ථාව සමනය කරනු වස් ඇමරිකා එක්සත් ජනපද ලේකම් ජෝන් කෙරී සහ යුරෝපා සංගමයේ සභාපති ජේන් ක්ලූඩ් ජුන්කර් යන ප්‍රධානීන්ද බ්‍රසල්ස් හිදී මුණගැසී තිබේ. මේ අතර ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා මෙන්ම තවත් බටහිර රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකුම යුරෝපා සංගමය තුළ එක්සත් රාජධානිය රඳවා තබා ගැනීමේ අවසාන ප්‍රයත්නයේ ද රැඳී සිටින බව කියති.



අදහස් (0)

"බ්‍රිතාන්‍යයේ නික්මීම නාටකයක්"

ලෙවිස් Friday, 01 July 2016 12:16 AM

එංගලන්තයේ නියම ස්වරූපය මේ ජනමතයෙන් පැහැදිලි වී ඇත. ඔවුන්ගේ ජාතිවාදී බව සහ කුහකබව දැන් මැනවින් ඔප්පු කර තිබේ. මෙතෙක් මතුපිටින් පෙන් වූ ප්‍රජාතන්ත්‍රවාදය සහ සුහදභාවය වෙස්මුහුණක් පමණක් බව එහි ජීවත්වන පිටරැටියෝ හොඳින් දනිති. ජනවරණයෙන් පසු එහි වසන වෙනත් ජාතිකයන්ට ප්‍රසිද්ධියේ හිරිහැර කිරීම් බොහොමයක් වාර්තාවෙමින් පවතී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 860 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 969 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site