IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


බුර්කිනා ෆාසෝ රටේ හමුදාව බලය අල්ලයි

ජනාධිපති රෝච් කොබාරේ ප්‍රමුඛ රජය පෙරළා දමා, රටේ පාලනය තමන් අතට ගත් බව බුර්කිනා ෆාසෝ හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

අත්අඩංගුවට ගැණුනු බුර්කිනා ෆාසෝ ජනාධිපතිවරයා, ඇමැතිවරුන් සහ රජයේ උසස් නිලධාරීන් මේ වනවිට රහස් ස්ථානයක රඳවා ඇතැයි ද හමුදාව වැඩි දුරටත් පවසා ඇත.

දිගු කාලයක් තිස්සේ ආර්ථික සහ දේශපාලන අර්බුද රැසකින් බුර්කිනා ෆාසෝ වැසියන් පීඩා විඳි බවත්, එය තවත් බලා සිටීමට නොහැකි වූ බැවින්, රටේ බලය සියතට ගත් බවත් හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

කුමන්ත්‍රණය කරමින් රටේ බලය අල්ලා ගත් හමුදා ප්‍රධානීන් ඇතුළු කණ්ඩායම නියෝජනය කරන්නේ, ‘ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණ සඳහා වන දේශප්‍රේමී ව්‍යාපාරය’ නමැති සංවිධානයයි. මෙය බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ නව සංවිධානයකි.

කුමන්ත්‍රණය මෙහෙයවමින් රටේ බලය අත්පත් කර ගත්තේ හමුදා ප්‍රධානී ලුතිනන් කර්නල් පෝල් හෙන්රි සැන්ඩාගෝ ඩම්බිලාය. ලුතිනන් කර්නල් ඩම්බිලා, අයි.එස් සහ අල් කයිඩා ත්‍රස්තවාදීන්ට එරෙහිව, වසර ගණනක් තිස්සේ සටහන් මෙහෙයවූ ජනතා ප්‍රසාදයට පත් හමුදා ප්‍රධානියෙකි. කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු හමුදා නිලධාරීහු බුර්කිනා ෆාසෝ ජාතික රූපවාහිනිය ඔස්සේ පෙනී සිටියහ.

ලුතිනන් කර්නල් ඩම්බිලා වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශක ලෙස එක් හමුදා නිලධාරියකු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කළේ සුදුසු වේලාව ආ සැණින්, ව්‍යවස්ථාව යළි ස්ථාපිත කරන බවත්, හමුදා පාලනයක් යටතේ තාවකාලික ඒකීය රජයක් ස්ථාපිත කරන බවත්ය.

බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ අර්බුදයක් නිර්මාණය වූයේ පසුගිය සති අන්තයේය. ඔගුවාඩෝ අගනුවර පමණක් නොව සෙසු ප්‍රධාන නගරවල ද පිහිටි හමුදා කඳවුරුවල වෙඩි හුවමාරු සිදුවිය. එම වෙඩි හුවමාරුවලට සම්බන්ධ වූ කණ්ඩායම් හමුදාවට පක්ෂ සහ රජයට පක්ෂ සොල්දාදුවන් යැයි පසුව වාර්තා විය.

ජනාධිපති රෝච් කොබාරේ නියෝජනය කරන ‘ජනතා ප්‍රගතශීලී’ පක්ෂය චෝදනා කර ඇත්තේ කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා නිලධාරීන් ජනාධිපතිවරයා සහ ඇමැතිවරුන් කීප දෙනකු ඝාතනය කිරීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක වූ බවත් පසුව ඔවුන් අත්අඩංගුවට ගත් බවත්ය.

මේ වනවිට බුර්කිනා ෆාර්සෝ රාජ්‍යයේ දේශසීමා වසා දැමීමට ද හමුදාව අණ දී තිබේ. බුර්කිනා ෆාසෝ බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන අතර, තවත් අප්‍රිකානු රටවල් කීපයකින් වට වී පිහිටා ඇත. බුර්කිනා ෆාසෝ වට වී ඇත්තේ, මාල ටෝගෝ, ඝානා, බෙනින් සහ අයිවරි කෝස්ට් යන රටවලිනි.

2020 වසරේ ලෝක බැංකු වාර්තා අනුව, බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ ජනගහනය මිලියන 20.9 කි. නිල භාෂාව වන්නේ ප්‍රංශය. බුර්කිනා ෆාසෝ වැසියන්ගෙන් සියයට 60 ක් මුස්ලිම්ය. බුර්කිනා ෆාසෝ ප්‍රංශයේ යටත් විජිතයක් ලෙස පැවැති අතර නිදහස ලැබුවේ 1960  වසරේදීය. නිදහස ලැබූ දා පටන් බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ දේශපාලන අර්බුද නිර්මාණය වීමට පටන් ගැණුනි.

බුර්කිනා ෆාර්සෝ යන්නෙහි අර්ථය ‘අවංක වැසියන්ගේ දේශය’ යන්නය. 1983 දී හමුදා පාලක තෝමස් සංකාරා බලය අල්ලා ගත්තේය. 1987 දී ඔහු ඝාතනයට ලක් විය.

2015 වසරේ දී ද බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ හමුදාව කුමන්ත්‍රණය කරමින් රටේ බලය අත්පත් කර ගැනීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක වූ බව පැවැසෙයි. 2015 වසරේ සිට බුර්කිනා ෆාසෝ අයි.එස්. සහ අල් කයිඩා ත්‍රස්තවාදීන්ගේ තර්ජනවලට ලක්වුණු රාජ්‍යයකි.

අයි.එස්. සහ අල් කයිඩා තර්ජන බුර්කිනා ෆාසෝ රාජ්‍යය වෙත ආවේ අසල්වැසි මාලි රාජ්‍යයෙනි. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ තර්ජන හේතුවෙන් රටේ සංචාරක කර්මාන්තය මුළුමනින්ම අඩපණ විය. රට තව තවත් දේශපාලන අස්ථාවර තත්ත්වයකට පත් වුණු අතර රජය කෙරෙහි ජනතා අප්‍රසාදයක් ගොඩ නැගුණු බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)



අදහස් (0)

බුර්කිනා ෆාසෝ රටේ හමුදාව බලය අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 81 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 356 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 370 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site