ඉතියෝපියානු ගුවන් අනතුරින් පසුව ‘බෝයිං 737 මැක්ස්’ වර්ගයේ ගුවන් යානා භාවිතයට ගැනීම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය තීරණය කර ඇත.
ඉතියෝපියානු ගුවන් සේවයට අයත් ‘බෝයිං 737 මැක්ස්’ යානයක් ඉකුත් දා අනතුරට පත්වූ අතර එම අනතුරින් යානයේ සිටි රටවල් 35 මගීහු 157 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉතියෝපියාවේ අගනුවර සිට කෙන්යාවේ නයිරෝබී නුවර දක්වා ගමන් ඇරැඹු මෙම යානය ගුවන් ගමන ආරම්භ කර මිනිත්තු කිහිපයක් ඇතුළත කඩා වැටිණි. මාස පහක් ඇතුළත මෙම වර්ගයේ ගුවන් යානයක් අනතුරට පත්වූ දෙවැනි අවස්ථාව මෙය විය.
එම සිදුවීමෙන් පසු රටවල් රැසක් ‘බෝයිං 737 මැක්ස්’ ගුවන් යානා ගුවන් ගමන්වලින් ඉවත් කිරීමට පියවර ගත් අතර ඇතැම් රටවල් ගුවන් යානා භාවිතයට ගැනීම තහනම් කිරීමට ද පියවර ගත්හ. එලෙස එම ගුවන් යානා භාවිතයට ගැනීම තහනම් කළ අලුත්ම රටවල් වනුයේ බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනියයි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉහත කී වර්ගයට අයත් ‘ලයන් එයාර් ජෙට්’ යානයක් ඉන්දුනීසියාවේ අනතුරට පත්වූ අතර එම සිදුවීමෙන් 189 දෙනකුට ජීවිත අහිමි විය. කෙසේ නමුත් මෙම සිදුවීම් දෙක අතර සම්බන්ධයක් තිබෙන බවට කිසිදු සාක්ෂියක් නැතැයි ද පැවසේ.
රොයිටර් ඇසුරිනි
055


2025 දෙසැම්බර් මස 04
550
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෝයිං 737 ගුවන් යානා භාවිතයට නොගැනීමේ තීරණයක්
vipula Wednesday, 13 March 2019 08:58 AM
කමිටු වාර්තා නැහැ. ගන්න ඕනේ තීන්දුව ක්ෂණිකව ගත්තා.
de silva Wednesday, 13 March 2019 11:45 AM
ලංකාවෙනම් මේගැන හොයන්න ජනාධිපති කමිටුවක් පත්කරලා අව්රුද්දක් විතර ප්‍රශ්නේ ඇදගෙන ගිහිල්ල , අපේ ධනය කොටි 10 විතර කාවි , එම රටවල් ගන්න ඕනේ තීන්දුව ක්ෂණිකව ගත්තා.
janahitha Wednesday, 13 March 2019 02:55 PM
පරීක්ෂණ කමිටුවක් දාන්න ඕනේ... මගේ කාර්යාලය කමිටු වාර්තාවලින් පිරිලා ඉතාම දැකුම් කලුයි.
ප්‍රදීප් ගුණරත්න Wednesday, 13 March 2019 03:04 PM
ඔය ඉවත්කරන ගුවන් යානා අඩුවට අරන් වැඩි කොමිස් එකක් ගන්න පුලුවන්ද කියලා දැනටම අපේ පාලකයෝ හොයනවා ඇති..