හදිසි ගුවන්යානා අනතුරකින් හිටපු අල්කයිඩා ත‍්‍රස්ත නායක ඔසාමා බින් ලාඩෙන්ගේ කුඩම්මා සහ ඥාතිසොහොයුරියක මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් ගමන් කරමින් සිටි පෞද්ගලික ජෙට් යානය බි‍්‍රතාන්‍යයේ බ්ලැක්බුෂ් ගුවන්තොටුපළේ ගොඩ බැස්වීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ. යානයේ නියමුවා නියමිත වේගය ඉක්මවා යානය ගොඩබැස්වීමට තැත් කර ඇතැයි ද අවසාන මොහොතේදී එය නිවැරදි කිරීමට යාමේදී යානය ඔහුගේ පාලනයෙන් ගිලිහී ගොස් අසළ මෝටර් රථ ගාලකට කඩා වැදී ගිනිගෙන විනාශ වී ඇතැයිද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.
බින් ලාඩෙන්ගේ පවුලේ සාමාජිකයින් දෙදෙනා හා ගුවන්නියමුවා හඳුනාගත නොහැකි තරමට පිළිස්සී ඇතැයි බ්ලැක්බුෂ් පොලිස් ආරංචි මාර්ග කියයි.
බින් ලාඩෙන් පවුල සෞදි අරාබියේ ප‍්‍රභූ ගණයට අයත් වන පවුලක් වන අතර ඔවුහු සාර්ථක ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමකට හිමිකම් කියති. මෙම පවුලේ ඔසාමාට සිටි සහෝදර සහෝදරියන් සංඛ්‍යාව 50 ඉක්මවන අතර එයින්ම බින් ලාඩෙන් පවුලේ විශාලත්වය සිතාගත හැකිය.
ත‍්‍රස්ත කටයුතු වල නිරත වන්නේ යැයි හෙළිවීම නිසා සෞදි අරාබිය ඔසාමාව එරටින් පිටුවහල් කර දැමූ අතර ඒ හාම බින් ලාඩෙන් පවුලේ සාමාජිකත්වයෙන්ද ඔහුව නෙරපා හැරීමට ඔහුගේ පියා කටයුතු කළේය.
![2AFF757100000578-0-image-a-195_1438703885511[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2AFF757100000578-0-image-a-195_14387038855111.jpg)
![2B04CC0F00000578-0-image-a-198_1438703950783[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B04CC0F00000578-0-image-a-198_14387039507831.jpg)
![2B005ABE00000578-0-image-a-197_1438703898181[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B005ABE00000578-0-image-a-197_14387038981811.jpg)
![2B06A1E700000578-0-image-a-193_1438703859958[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B06A1E700000578-0-image-a-193_14387038599581.jpg)
![2B06A1F200000578-0-image-a-192_1438703842511[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B06A1F200000578-0-image-a-192_14387038425111.jpg)
COMMENTS
රිෂාර්ඩ්ට මුකුත් කියන්න එපා (අ)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
අනේ මේ ගොල්ලන්ද... පවුලම අතු ගෑවුනත් මන් නම් මොකුත් කියන්නේ නැහැ.(නදී)
කව්රුත් ලෝකයේ අල්ලාහ් දෙවියන්ගේ පණිවිඩය පරිදි මනුස්ස ලෝකයාම ඉස්ලාම් ස්වර්ගයක් කිරීම සඳහා කැපවූ බින් ලාඩෙන් උත්තමයාට මුකුත් කියන්න එපා.දෙමළ ජනතාව ප්‍රභාකරන් අදහනවා වාගේම මුස්ලිම් අපිත් අති උත්තම බින් ලාඩන් අදහනවා.(ම)
මොකටද සතුරාගේ කටටම නිවාඩුවකට ආවේ? දැන් ඉතින් නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ගොඩට තමා. (නදී)
පව්...! නුඹලා සියලු දෙනාටම අල්ලා දෙවියන්ගේ පිහිටයි.කිසිවකු මියයාම හෝ මරණයට පත්කිරීම මම අනුමත නොකරමි. සියල්ලෝ සතුටින් ජීවත්වීම මගේ ප්‍රාර්ථනයයි. (නි)
සතුරෙකුගේ වුවද මරණයකදී සතුටුවීම අපි නොකරමු (නි)
මක්කම පූජා භූමියේ සියලු ගොඩනැගිලි ඉදිකිරීම් කරනුයේ බින් ලාඩන් සමාගම විසිනුයි. එසේ හෙයින් මේ පව්ල ධන කුවේරයන්ය. (බ)
ලේ තැවරුණ මුදලින් සැප විදීමේ අවසානය (ම)
ඒ අය පදිංචිය එංගලන්තයේ. අරුණ ගොඩක් දේවල් නොදන්නා හැඩයි (නි)
මටනම් මේක සකි,මම හිතන්නේ මේක මොකක් හරි පලන් එකක්. මම වැරදි ඇති එවුනාට සත්‍ය කවද හරි එලිවෙයි. මේකත් MH370 වුනා වගේ වෙයිද දන්නේ නෑ (බ)
දුමින්ද නිව්ස් එක හරියට කියවල ඉන්න (බ)