IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බෑන් කී මූන් ගමන් කළ රියට ගාසා තීරයේදී සපත්තු ප‍්‍රහාර

හමාස් පාලනයට නතු පලස්තීනයේ ගාසා තීරයට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ගේ රිය පෙරහර පෙරේදා (2) විරෝධතාකරුවන් පිරිසකට මැදි වූ අවස්ථාවේදී කෝපයට පත්ව සිටි එම පිරිස මහ ලේකම්වරයා ගමන් කළ රියට සපත්තුවලින් දමා ගසන්නට වූහ. මහ ලේකම්වරයා ගාසා තීරයට පැමිණියේ ඊශ‍්‍රායල/පලස්තීන අර්බුදයට සාකච්ඡුා මාර්ගයෙන් විසඳුම් සේවීමේ අරමුණින්ය. මහ ලේකම්වරයාට පලස්තීන ජනතාවගෙන් විරෝධයක් එල්ල වූයේ ඊශ‍්‍රායල අත්අඩංගුවේ පසුවන පලස්තීන සිරකරුවන්ගේ පවුල්වල සාමාජිකයන් හමුවී කතාබහ කර බලන්නැයි පලස්තීන වැසියන් කළ ඉල්ලම ප‍්‍රතික්ෂේප කළ නිසාය. මාධ්‍ය වාර්තා කළේ සියයකට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් මහ ලේකම්වරයා ගමන් කළ රථ පෙළ වට කරගෙන සපත්තුවලින් දමා ගසන්න වූ බවය. සපත්තු ප‍්‍රහාරයෙන් මහ ලේකම්වරයාට හෝ ඔහු සමඟ පැමිණි එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට හෝ අනතුරක් සිදු නොවිණි. මහ ලේකම් මූන් ඊශ‍්‍රායලයට කත් අදිනවා යැයි විරෝධතාකරුවෝ චෝදනා කරන්නට වූහ. පලස්තීන සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ ව්‍යාපාරික ප‍්‍රජාව මහලේකම් මූන් සමඟ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයකට එක් වීමට ද නියමිතව තිබුණි. එහෙත් ඊශ‍්‍රායල බන්ධනාගාරවල සිරකර සිටින පලස්තීනුවන්ගේ පවුල්වල සාමාජිකයන් හමුවී කතා බහ කිරීම මහ ලේකම්වරයා ප‍්‍රතික්ෂේප කිරීමත් සමඟ ඔවුහු එම රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය වර්ජනය කළහ. පලස්තීනුවෝ 5,000 කට වැඩි පිරිසක් ඊශ‍්‍රායල බන්ධනාගාරවල සිරගතව සිටිති. ඔවුන්ගේ සුවදුක් බැලීමටවත් ඔවුන්ගේ පවුල්වල අයට අවසර නොලැබෙයි. මහ ලේකම් මූන් ගාසා තීරයේ සංචාරය කරන තෙවැනි අවස්ථාව වූයේ මෙයයි. මීට පෙර 2008 වසරේදී ද ඔහු ගාසා තීරයට පැමිණි විට මේ අයුරින්ම විරෝධාතාවලට මුහුණ දුන්නේය. ගාසා තීරයෙන් කඩිමුඩියේ පිටවී ගිය එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ගමනාන්තය වූයේ ඊශ‍්‍රායලයයි. ඊශ‍්‍රායලයේ ඩෙරෝට් නගරයට පැමිණි ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමි වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.



අදහස් (0)

බෑන් කී මූන් ගමන් කළ රියට ගාසා තීරයේදී සපත්තු ප‍්‍රහාර

සුමන Saturday, 04 February 2012 06:54 PM

ඇමෙරිකාවට ඕන විදියට නටනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 111 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 916 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site