බුද්ධගයාව මහමෙව්නාව බුදු නුවණ අසපුව මෙවර වෙසක් පින්කම් මාලාව දින 15ක් පුරා ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබිය.  

වෙසක් පින්කම් මාලාව ආරම්භ වූයේ බුද්ධගයා පින්බිම වන්දනා මාන කරගැනීම සඳහා සහභාගිව සිටි දහසකට ආසන්න ස්වාමින් වහන්සේලාට බුදු නුවණ අසපුවේදී ඇප උපස්ථාන කිරීමෙන් අනතුරුවය.

ඊට අමතරව මෙම දින 15 පුරා සාමනේර හිමිවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක විය. ඉන්දියා ජාතික සාමානෙර භික්ෂුන්වහන්සේලා 100ක් පමණ ඊට සහභාගිවූහ. පිරිසිදු ආර්ය සමාධිය දියුණු කරමින් ශීලය ආරක්ෂාකරමින් නිවන් මාර්ගය වැඩීම සඳහා ක්‍රියාකලයුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ඒ හිමිවරුනට ලබාදෙනු ලැබීය.

"මෙම සාමණේර ස්වාමින්වහන්සේලාගේ සේවය බුද්ධ ධර්මය දඹදිව් තලය පුරා පැතිරවීම සඳහා අනාගතයේදී යොදවා ගැනීමට  බලාපොරොත්තු වන බව" බුදුනුවන අසපුව පැවසීය.  

බුද්ධගයාවේ බුදුනුවණ අසපුවාසී සියලුම ස්වාමින් වහන්සේලා මෙම වැඩ කටයුතු සඳහා සහභාගී වුහ.

පින්කම් මාලාවේ ප්‍රධානතම කටයුත්ත වුයේ ශ්‍රී මහාබෝධිය සහ වජිරාසනය අභියසදී සතියක් පුරා බුදු නුවණ දහම් පාසල් දරුවන් සහ දෙමාපියන්සහභාගිවූ සීල සමාධි ප්‍රඥා ගුණයන් පදනම් කරගත් සදහම් වැඩසටහනයි.

මෙහිදී තථාගතයන් වහන්සේගේ උතුම් ප්‍රඥාවට උපහාර පිණිස තුනුරුවන් උදෙසා මනරම් පහන් ආලෝක පුජාවක් සිදුකල අතර ඉන්දියාව පුරා බුදුදහම ප්‍රචලිත කිරීමෙහිලා සුවිසේශී මෙහෙවරක් ක්‍රියාත්මක කරන මහමෙව්නාව නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සිහිකොට උන්වහන්සේට පින් පැතීමේ ගුරු පුජාවක් ද පවත්වනු ලැබිය.

උතුම් ශ්‍රී සම්බුද්ධත්වය සිහිකිරීමේ පිංකම වෙසක් පුන් පොහෝ දින රාත්‍රිය පුරාවට පැවැත්විණි. වජිරාසනය අසල පින්කම ඉතාලියේ මහමෙව්නාව අසපුවේ සැදැහැවත්හු දායක වූහ.

පිංකම සඳහා බුද්ධගයා පින්බිම අලංකාරවත් අන්දමට සරසා තිබුණි. ඒ සඳහා යොදාගත් සියලුම වෙසක් කුඩු සහ අනෙකුත් සැරසිලි බුදු නුවණ අසපුවට සම්බන්ධ ඉන්දියානු ජාතික දරු දැරියන් විසින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

BUDDHAGAYA0 BUDDHAGAYA1 BUDDHAGAYA2 BUDDHA-GAYA2 BUDDHAGAYA3 BUDDHAGAYA4 BUDDHAGAYA5 BUDDHAGAYA6 BUDDHAGAYA8 BUDDHAGAYA9 BUDDHAGAYA10 BUDDHAGAYA12 BUDDHAGAYA14 BUDDHAGAYA15 BUDDHAGAYA16 Buddhagaya17 BUDDHAGAYA20 BUDDHAGAYA21 BUDDHAGAYA22