ආගමික ගැටුම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ මියන්මාරයේ රොහින්ග්යා මුස්ලිම්වරුන් පිරිසක් ඊයේ (14) අලූයම බෝට්ටුවක ආධාරයෙන් බංග්ලාදේශයට යෑමට තැත්  කළ අවස්ථාවේ එම බෝට්ටුව පෙරැළීමෙන් 150 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 50 දෙනෙක් අතරුදන් වූහ.
අනතුර සිදුවෙද්දී බෝට්ටුව පෝටෝව් නුවරින් පිටත් වී බංග්ලාදේශයට කිට්ටු වෙමින් තිබුණු බව ද වාර්තා වේ. එහි 200 කට වැඩි පිරිසක් සිට ඇතැයිද මාධ්‍ය වාර්තා පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී මහසෙන් සුළිකුණාටුව හේතුවෙන් මුහුද රළු වී තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.