බොකෝ හරමා අන්තවාදී කැරළිකරුවන් විසින් එල්ල කරණ ලද ප්‍රහාරයකින් නැගෙනහිර කැමරන්හි පුද්ගලයන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්ව145 දෙනකු තුවාල ලබා ඇතැයි සී.එන්.එන්. වාර්තා කරයි.

කැමරන් හි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක කර්නල් ඩිඩිර් බැඩ්ජෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ නයිජීරියාව මුලික කරගත් බොකෝ හරාම් කැරළි කරුවන් එම රට හරහා කැමරන් වලට ඇතුලුවී කෙරවා නගරයේ වෙළඳ පොලකට පහරදි ඇති බවයි. පසුව කැමරුන් යුධ හමුදා කඳවුරක් අසල පිහිටි රෝහලකට ද මෙම අන්තවාදීන් පහරදී ඇතැයි ඩිඩිර් පවසා තිබේ.

බොකෝ හරාම් අන්තවාදි කණ්ඩායම 2000 වසරේ මැද භාගයේදි නයිජීරියාවේදි ආරම්භ වි ඇති අතර එහි මුලික පරමාර්ථය වි ඇත්තේ ෂරියා නීතිය මුළු නයිජීරියාව පුරාම ව්‍යාප්ත කිරීමටයි. නයිජීරියාවේ උතුරු කොටසේ වැඩි පිරිසක් මුස්ලිම්වරු වන අතර නැගෙනහිර කොටසේ ක්‍රිස්තියානි ආගම් වාදීන් බහුලව වාසය කරයි.