මොළයේ පිළිකා සෛල සමග සටන් කළ හැකි යාන්ත්‍රණයක් ලෙස දේහ සෛල යොදාගැනීමට හැකි ක්‍රමයක් සොයාගත් බව හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ විද්‍යාඥයෝ කියති.
මීයන් යොදා කළ පරීක්ෂණයක දී දේහ සෛලවල ජාන වෙනස්වීමක් සිදුකර සාදා ගත් විෂ ද්‍රව්‍යයක් මොළයේ හටගෙන ඇති පිළිකා සෛල විනාශ කිරීමට හැකියාව ඇති බව ඔවුන් පෙන්වාදෙයි.
පර්යේෂකයන් පවසන්නේ මේ ක්‍රියාපිළිවෙත මිනිසුන් යොදා පරීක්ෂණ කිරීම දෙවැනි පියවර බවයි. විශේෂඥයන්ගේ අදහස මෙය අනාගතයේ පිළිකා නැසීමට ඉතා සුදුසු ක්‍රමයක් වන බවයි.
පර්යේෂකයන් පවසන්නේ ලේ පිළිකා නැසීමට යොදාගන්නා විෂ ද්‍රව්‍ය මගින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. මේ විෂ ද්‍රව්‍යයන්ගේ ආයු කාලය ඉතා කෙටි වීම ගැටළුවක් බව ද පර්යේෂකයෝ කියති. පිළිකා සෛල වෙත ළඟාවීමට මේ විෂ ද්‍රව්‍යයට හැකියාවක් තිබූ බව දැන නොසිටීම හේතුවෙන් මෙවැනි ක්‍රමයක් යොදා ගැනීමට නොහැකි වූ බව ද වෛද්‍යවරු කියති.
ජාන ඉංජිනේරු තාක්ෂණය යොදා ගනිමින් දේහ සෛල වෙනස්කිරීම සිදුවේ. එමගින් පිළිකා නසන ඖෂධ නිපදවීමේ හැකියාව ඇත.
බ්‍රිතාන්‍ය යේ කැන්සර් රිසර්ච් හි ජ්‍යෙෂ්ඨ තොරතුරු කළමනාකරුවන නෙල් බැරි පවසන්නේ විශිෂ්ඨ ප්‍රවේශයක් බවයි. ඔහුගේ අදහස වී ඇත්තේ මොළයේ පිළිකා සඳහා ඉතා ඉක්මණින් ප්‍රතිකාර අවශ්‍ය බවයි. එසේ වුව ද මෙතෙක් මේ පරීක්ෂණය සිදුකර ඇත්තේ මීයන්ට සහ රසායනාගාරයන්හි පිළිකා සෛල මත පමණක් වීම හේතුවෙන් තවදුරටත් මොළයේ පිළිකා හටගනෙ ඇති රෝගීන්ට ප්‍රතිකාර ලබාදිම සඳහා තවත් වැඩ කටයුතු බොහොමයක් සම්පූර්ණ කරගත යුතුයැයි ද පැර්යේෂකයෝ පෙන්වාදෙති.
ඉදිරි අවුරුදු පහේ දී මේ නව ප්‍රතිකාර ක්‍රමය අත්හදා බැලීමට කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනටම ඕක ලංකාවටත් අවොත් හොදයි නේ.(හේ)
ගයාන් මේක ලංකාවට එන්න තාම හිතලවත් නැහැ මේ "ස්ටෙම් සෛල "තාක්ෂනය අපේ වගේ රටක ජීවිතේට කරන්න බැහැ .මොකද අපි හරි දුප්පත් රටක් නිසා (සමහරු කෑ ගහනවා අපි අර ආස්චර්යට යනවා කියල )නමුත් ඇත්ත එ්කයි .කරන්න තියන එකම දෙය අනිත් තාක්ෂණ වගේම මේක දියුණු වුණාම බටහිරින් ගන්න එකයි (අ)
මොනවා හොයාගත්තත් කාටවත් මිනිස්සු හැමදාම ජීවත්කරවන බෙහෙතක් හොයාගන්න බැරිවුණා නේද? (නි)