කාන්තාවන් සම්බන්ධයෙන් දැඩි නීති කි‍්‍රයාත්මක වන සෞදි අරාබියේ පෞද්ගලික පාසල්වල දැරියන්ට කී‍්‍රඩා කිරීම සඳහා අවසර දී ඇතැයි එරට අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටී.
කාන්තාවන් සඳහා පනවා ඇති නීති ලිහිල් කිරීමේ අරමුණින් සෞදි රජය මෙම පියවර ගෙන ඇත. නමුත් රජයේ පාසල්වල දරුවන්ට මෙම නීති ලිහිල් කිරීම වලංගු නොවනු ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පවසති.
එමෙන්ම හිස ආවරණය කර ගත් සාම්ප‍්‍රදායික ඇඳුමින් සැරසී කී‍්‍රඩාවලට සහභාගී වන ලෙස ද එරට අධ්‍යාපන අමාත්‍යාංශය පාසල්වලට දැනුම්දී ඇත.
සෞදි කාන්තාවන්ට කී‍්‍රඩා කිරීමට අවස්ථාව සලසාදීම පිළිබඳව රජයේ අවධානය යොමු වූයේ 2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලිය සමයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd