ඉරාන ජාතික අමූ හජි වසර 60 කින් ස්නානයක් සිදුකරගෙන නැත.

නමුත් ඔහුගේ උත්සාහය අඹුවක් සොයාගැනීමය.

අමූ හජි නම් වන මේ අපූරු පුද්ගලයා ජීවත් වන්නේ ඉරානයේ දකුණු දිග පිහිටි   ඩෙජාග්හ් ආසන්නයේ තමන්ම හාරාගත් ගුලකය. ඔහු ගැන සැළකිලිමත්වන ගම්වැසියන් ඔහුටම කියා නිවසක් තනා දී ඇතත් එහි විසීමට අමූගේ වැඩි කැමැත්තක් නොමැත.

අමූට බිරිදක් අවශ්‍ය නම් ඔහු පළමුව නා පිරිසිදු විය යුතුවේයැයි සිතූ ගමේ ගැටව් පිරිසකගේ ජල ප්‍රහාරයකිනුත් අමූ බේරී ඇත්තේ මෑතකදීය.

මින් පෙර ලොව වැඩිම කාලයක් ස්නානය නොකොට වාර්තාවක් තබා තිබූයේ ඉන්දීය ජාතිකයෙකි.වාර්තාවට අනුව ඔහු වසර 38 ක් කිසිදු අයුරකින් ඇග පත පිරිසිදු කර ගැනීමෙන් වැළකී සිට ඇති අතර දැන් අමූ ඒ වාර්තාව බිද හෙළා ඇති සෙයක් පෙනේ.

අමූ ජලය හා ගනුදෙනු කරන්නේ පිපාසය නිවා ගැනීමට අවශ්‍ය වූ විට පමණකි.එයද කබල් ඛෙලෙක්කයකට ඔහුගේ ගුල ආසන්නයේ ඇති වතුර වළකින් ගන්නා ජලයෙනි.

අමූ ආහාර ලෙස ගන්නේ මැරුණු සතුන් හා ශාඛ කොටස්ය.සැන්දෑ යාමයේ හේ තම පයිප්පයට සතුන්ගේ මළ අපද්‍රව්‍ය වලින් සාදාගත් ‘දුම්කොළ‘ පුරවා එය දල්වාගෙන උරයි.රැවුලූ කොණ්ඩා කපා ගැනීමට අවශ්‍ය වූ විට හේ ඒවාගේ වැඩි හරිය ගින්නට අල්ලා පුලූස්සා දමයි.ගෝණි පඩංගු වලින් විළිවසාගන්නා ඔහු සීත සෘතුවේ පමණක් තොප්පියක් පළදී.

තරුණ කාලයේ තමන්ට සිදුවූ අකටයුතුකම් නිසා මෙසේ සමාජයෙන් ඉවත්ව වෙසෙන බව ඔහු කියයි. අවශ්‍යතාවලින් පිරී නොමැති තමන් ගෙවන මේ දිවිය ඉතා නිදහස් යැයි ඔහු පවසයි.

මේ සා දිවි පෙවෙතක් ගත කළත් ඔහුට ඉහෙන් බහින තරම් රෝගයක්ද නොමැත.