IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


පලස්තීන යෝජනාවන්ට ඇමෙරිකාව හරස් වෙයි

1967 වසරේදී ඇතිවූ මැදපෙරදිග යුද්ධයේදී ඊශ‍්‍රායලය අත්පත් කරගත් බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම හා ගාසා තීරය නැවත තමන්ට පවරා දෙන ලෙසත්, තමන් රටක් හැටියට ස්ථාපිත කරන ලෙසත්, මාස 12 ක් ඇතුළත සාම කි‍්‍රයාදාමයක් ඇතිකරන ලෙසත් පලස්තීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාවලියක් ඇමරිකාවේ නිශේධ බලය හමුවේ ප‍්‍රතික්ෂේප කැරිණි.

ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන යෝජනාවලියකට අනුමැතිය පළවීමට නම් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවලින් අවම ඡන්ද 9 ක් ඊට අමතරව ඇමරිකාව, රුසියාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය හා චීනය යන ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර සාමාජිකයින් පස් දෙනාගේ ඡන්දත් ලැබිය යුතුය.

පලස්තීනය ඉදිරිපත් කළ යෝජනාවට සාමාජික රටවල් 9 ක්ම මනාපය පළ කර ඉදිරියට ගෙන ආ අතර ප‍්‍රංශය, චීනය හා රුසියාවද ඊට කැමැත්ත පළ කරමින් ඡන්දය ලබා දුනි. බි‍්‍රතාන්‍යය ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටි හෙයින් එහි ඡන්දය ගණන් නොගැණුනි.

ඇමරිකාව යෝජනාවට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළ අතර ඒ අනුව යෝජනාව ප‍්‍රතික්ෂේප විය.

තම තීරණය සාධාරණීකරණය කරමින් ඇමරිකාව සඳහන් කළේ යෝජනාවලියේ සැකමුසු තැන් රාශියක් තිබෙන බවයි. විශේෂයෙන් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැළකීමේදී පලස්තීනයට මෙවැනි නිදහසක් ලබාදිය යුතුදැයි ගැටලූවක් මතුවන බව ඇමරිකාව කීවේය.

ඊශ‍්‍රායලය සාධාරණීකරණය කරන්නටද ඇමරිකාව උත්සාහ නොකළේය.

රටක ස්වෛරීභාවය සුරැකීම සම්බන්ධයෙන් තමන් සෑම විටම පෙනී සිටියද මෙවන් අසම්පූර්ණ, සැකකටයුතු යෝජනාවලියකට එකඟත්වය පළ කිරීමට කිසිසේත් නොහැකි බව ඇමරිකාව වැඩිදුරටත් පැවසීය.

දේශපාලන විචාරකයින් පවසන්නේ ඇමරිකාවේ මේ තීරණය බලාපොරොත්තු විය යුත්තක් බවයි. විශේෂයෙන් ළග එන ඊශ‍්‍රායල මැතිවරණයට ප‍්‍රථමයෙන් මෙවැනි දෙයක් කිරීමට ඇමරිකාව කිසිසේත්ම කටයුතු කරනු නැතැයි සහතිකයෙන්ම කිව හැකි බවයි.

ආරක්ෂක මණ්ඩලයේ තීරණයට තමන් ගරු කරන බව සඳහන් කළ පලස්තීන නියෝජිතයා තම රටේ ජනතාව විඳිනා දුක්කරදර වලින් ඔවුන් මුදවාගැනීමේ අරමුණ ඇතිව මේ යෝජනාවලිය ඉදිරිපත් කළ බව කීවේය. නමුත් දැන් මෙය ප‍්‍රතික්ෂේපව ඇති නිසා පලස්තීනය මින් ඉදිරියට ගත යුතුව ඇති පියවර ගැන සොයාබැලිය යුතුව ඇතැයි ඔහු වැඩිදුටත් පැවසීය.

ඇමරිකාවේ තීරණය ගැන චීනය, රුසියාව හා ප‍්‍රංශය කණස්සල්ලෙන් අදහස් පළ කරනු දැක ගත හැකිවිය. පලස්තීනය නිදහස් රාජ්‍යයක් වීමට දරන උත්සාහය මේ පරාජය හමුවේ කිසිසේත්ම නොනැවැත්විය යුතු බව ප‍්‍රංශයේ අදහස විය.

දැනට වාර්තාවී ඇති තොරතුරු වලට අනුව අන්තර්ජාතික අධිකරණයෙන් තම ගැටලූවට විසඳුමක් ලබාගැනීමේ කෙරෙහි පලස්තීනයේ අවධානය යොමුව ඇතැයි සඳහන්ය.

web web2



අදහස් (0)

පලස්තීන යෝජනාවන්ට ඇමෙරිකාව හරස් වෙයි

මහේන්ද්‍ර Friday, 02 January 2015 02:24 PM

ඇමෙරිකාව පාලනය කරන්නේ යුදෙව් ජාතිකයන් පිරිසක්. එක තමයි ලෝකයට වෙලා තියන හෙනය.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1470 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1316 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site