IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පලස්තීනයට ස්වාධීන රාජ්‍යයක්: යෝජනාව එ.ජා. ආරක්ෂක මණ්ඩලයට

පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශ කරන්නැයි පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ ඉල්ලූම්පත සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (26) ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී රැස්වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, නිත්‍ය සාමාජිකයන් පස් දෙනකුගෙන් සහ නිත්‍ය නොවන සාමාජිකයන් දස දෙනකුගෙන් සමන්විතය. පලස්තීන ජනාධිපති අබ්බාස්ගේ එම ඉල්ලීමට අනුමැතිය හිමිවීමට නම් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් නව දෙනකුගේ සහාය හිමිවිය යුතුවේ. පලස්තීන ජනාධිපතිවරයා කරන ඉල්ලීමට මුල සිටම ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය දැඩි ලෙස විරෝධය පළ කළේය. පසුගිය 21 වැනිදා ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා මහා මණ්ඩලය ඇමැතූ අවස්ථාවේදී ප‍්‍රකාශ කළේ මැද පෙරදිග සාමය උදාකිරීම සඳහා ‘පහසු කෙටි ක‍්‍රම’ නැති බවය. ජනාධිපති ඔබාමා සිය දේශනයේදී පලස්තීන ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේ එම ඉල්ලීම ඉවත් කර ගන්නා ලෙසටය. පලස්තීන ජනපතිවරයාගේ යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවට ඉදිරිපත් කළහොත් නිෂේධ බලය යොදා එය පරාජය කරන බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා අනතුරු ඇඟවූයේය. ජනපති ඔබාමා, මහා මණ්ඩලය අමතා කළ එම දේශනයට බොහෝ දෙනාගේ විවේචන එල්ල වෙමින් පවතී. ජනපති ඔබාමා, පලස්තීන ජනපතිවරයාගේ යෝජනා වලියට විරුද්ධව කටයුතු කරන්නේ 2012 පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණය නිසා යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ පවසති. 2012 ජනපතිවරණයට ජනාධිපති ඔබාමා ද තරඟ කරන අතර ඔහුට ඇමෙරිකාවේ ජීවත් වන යුදෙව් ජනතාවගේ ඡුන්ද ලබා ගැනීමේ අරමුණ ඇතිව ඊශ‍්‍රායලයට සහාය පළ කරමින් පලස්තීන ජනපතිවරයාගේ යෝජනාවලියට විරෝධය දක්වන බවට දේශපාලන විචාරකයෝ චෝදනා කරති. ඔබාමාගේ ‘මැද පෙරදිග සාම ප‍්‍රයත්නය’ ඇමෙරිකා ජනතාවගේ මෙන්ම එරට  විපක්ෂ දේශපාලන කණ්ඩායම වන රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේද අප‍්‍රසාදයට හේතු වී ඇත. එය දේශපාලන අර්බුදයක් තෙක් දුරදිග යෑමේ ඉඩක් ඇතැයි ඇතැම්හු පවසති. මේ අතර ඊශ‍්‍රායල නායක අගමැති බෙන්ජමින් නෙදන්යාහු පලස්තීන ජනාධිපති අබ්බාස්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානමින් සිටින බවය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (ඒ.එෆ්.පී.)
පලස්තීන ජනපති අබ්බාස් ස්වාධීන රාජ්‍යයක් ඉල්ලා එ.ජා. මහ ලේකම් බෑන් කී මූන්ට ඉල්ලූම්පත‍්‍රය පිරිනමමින්..



අදහස් (0)

පලස්තීනයට ස්වාධීන රාජ්‍යයක්: යෝජනාව එ.ජා. ආරක්ෂක මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site