IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


පලස්තීනයට යුනෙස්කෝ බැල්ම

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය, පලස්තීනයට ලබාදීමට එහි මහා මණ්ඩලය ගත් තීරණය, පලස්තීනයට ස්වෛරී රාජ්‍යයක් ලෙස ක‍්‍රියාත්මක වීමට ලැබෙන අවස්ථාවක් නොවන නමුත් රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් අත්කර ගත් සුවිශේෂී ජයග‍්‍රහණයකි. එමෙන්ම පලස්තීනයට නිත්‍යනුකූලව හිමිවිය යුතු තැන ලබා නොදීමට ක‍්‍රියාත්මක වන ඊශ‍්‍රායලය හා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල් ලත් පරාජයකි. මෙම යෝජනාව යුනෙස්කෝවේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ විට එය ඉදිරියේ පැරීසියේ පැවැත්වෙන රැස්වීම තෙක් කල් තැබීමට එක්සත් ජනපදය ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු පැවැත්වූ ඡන්ද විමසීමේදී යෝජනාවට රටවල් 107 ක් පක්‍ෂ වූ අතර විරුද්ධ වූයේ එක්සත් ජනපදය හා ඊශ‍්‍රායලය ඇතුළත් රටවල් 14 කි. තවත් රටවල් 52 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඒ අතරට එක්සත් රාජධානියද ඇතුළත් වේ. ප‍්‍රංශය යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන්නාය. මෙම යෝජනාව සම්මත වීමත් සමගම එක්සත් ජනපදය යුනෙස්කෝවට ලබා දෙන දායක මුදල් නතර කරනු ඇත. එක්සත් ජනපදය වාර්ෂිකව ඩොලර් දශ ලක්‍ෂ 80 ක් ලබා දිය යුතුය. එහෙත් මේ යෝජනාව සම්මත වීමත් සමගම යුනෙස්කෝවට එක්සත් ජනපදයෙන් පැවරීමට නියමිතව තිබූ ඩොලර් දශ ලක්‍ෂ 60 ක ගෙවීම ද නතර කරනු ඇතැයි එක්සත් ජනපද නියෝජිතවරිය දැන්වූවාය. එක්සත් ජනපදය මෙවැනි තීරණයක් ගත්තේ පලස්තීනය පූර්ණ සාමාජිකයෙක් ලෙස පිළිගන්නා එක්සත් ජාතීන්ගේ කිසිම ආයතනයකට මූල්‍ය ආධාර නොකිරීමට එහි කොංග‍්‍රස් මණ්ඩලයෙන් සම්මත කර ඇති නීතියක් අනුවය. එහෙත් සාමාජික මුදල් නොගෙවීම නිසා එක්සත් ජනපදයට සාමාජිකත්වය අහිමි වීමෙන් යුනෙස්කෝවේ සහ ඊට අනුබද්ධිත ආයතනවලින් ගන්නා තීරණය කෙරේ කළ හැකි බලපෑම ද නැතිව යනු ඇත. යුනෙස්කෝව යටතේ පවතින ලෝක බුද්ධිමය දේපොළ සංවිධානයට සහභාගි වීමට අවස්ථාවක් නොමැති වීමෙන් ඇමරිකානු සමාගම් විශාල පසුබෑමකට මුහුණ දීමට සිදුවිය හැක. දැනට එක්සත් ජනපදය මෙම සංවිධානය බුද්ධිමය දේපොළ පිළිබඳව ගනු ලබන තීරණවලට දැඩි බලපෑමක් කරන අතර ඉන් වැඩි වාසියක් අත්වන්නේද ඇමරිකානු සමාගම්වලටය. පලස්තීනයට යුනෙස්කෝවේ පූර්ණ සාමාජිකත්වය හිමි වීමෙන් තම භූමි ප‍්‍රදේශයේ සමහර ස්ථාන ලෝක සංස්කෘතික උරුම ලෙස ප‍්‍රකාශ කිරීමට ඉල්ලා සිටිය හැක. ජෙරුසලමේ බෙත්ලෙහෙම එවැනි ස්ථානවලින් එකකි. සම්පූර්ණ ජෙරුසලම තමන්ගේ ආගමික කේන්ද්‍රස්ථානයක් ලෙස සලකන ඊශ‍්‍රායෙලය ඊට දැඩිලෙස විරෝධය දක්වා ඇත. ඉන් නැවත වරක් ඊශ‍්‍රායෙලය සංස්කෘතික උරුමයන් නොසලකන ජාත්‍යන්තර නීති නොසලකන රටක් බවට හංවඩු ගැසේ. එය ඊශ‍්‍රායෙලයට මෙන්ම එහි ආරක්‍ෂාවට ඉදිරිපත්වෙන එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවලට සුවපහසු තත්ත්වයක් නොවේ. එක්සත් ජනපදය පවසන ආකාරයට පලස්තීනයට මෙවැනි ජාත්‍යන්තර සංවිධානවල පූර්ණ සාමාජිකත්වය පිරිනැමීම පලස්තීන-ඊශ‍්‍රායෙල් ගැටුම විසඳා ගැනීම වඩාත් අසීරුකරවයි. ජනාධිපති ඔබාමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරියේ පැවසූ ආකාරයට මෙම ගැටලූව විසඳාගත යුත්තේ ඒ රටවල් දෙක විසින්මය. එහෙත් වසර 60 කටත් අධික කාලයක් තිස්සේ තහවුරු වූ වැදගත්ම කාරණය වන්නේ ඊශ‍්‍රායෙලය සාකච්ඡාමය විසඳුමකට සූදානම් නැත යන්නයි. පලස්තීනයට අයත් ප‍්‍රදේශයක් වශයෙන් හැඳින්වෙන 1967 හය දින යුද්ධයේදී අල්ලා ගත් බටහිර ඉවුර ප‍්‍රදේශයේ නව යුදෙව් ජනාවාස ඉදි කිරීම නතර කරන ලෙස ජනාධිපති ඔබාමා කළ ඉල්ලීමද ඊශ‍්‍රායෙලය පිළිගත්තේ නැත. එම ඉල්ලීම නොපිළිගැනීම ගැන එක්සත් ජනපදය කිසිදු පියවරක් ගත්තේද නැත. එවැනි පසුබිමක් යටතේ එක්සත් ජාතීන්ගේ කිසිදු ආයතනයක පලස්තීනයට පූර්ණ සාමාජිකත්වය ලබා නොදීමේ ප‍්‍රතිපත්තිය එක්සත් ජනපදයේ දෙබිඩි ප‍්‍රතිපත්තියට තවත් නිදසුනකි. යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් එරීනා විදේශ ඇමැති රියාද් මල්කි මොහොමඞ් අබ්බාස් පලස්තීනය යුනෙස්කෝවට ඇතුළත් කරගත් පසු නියෝජිතයන් සතුට පළ කළ අයුරු.  



අදහස් (0)

පලස්තීනයට යුනෙස්කෝ බැල්ම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 951 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site