නයිරෝබිහිදීය (ඒ.එෆ්.පී)
ප්ලාස්ටික් බෑග් භාවිත කිරීම තහනම් කරමින් බුරුන්ඩි ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කර ඇත.
‘‘ප්ලාස්ටික් බෑග් නිෂ්පාදනය, ආනයනය කිරීම, ගබඩා කිරීම, අලෙවිය සහ ඕනෑම ආකාරයකින් ප්ලාස්ටික් බෑග් භාවිතා කිරීම සහ ප්ලාස්ටික ඇසුරුම් තහනම් කරමින්’’ බුරුන්ඩි ජනාධිපති පියෙරේ න්කුරුන්සිසා එම නියෝගය කර ඇත.
අදාළ නියෝගය කි‍්‍රයාත්මක කරන තෙක් මාස 18ක සහන කාලයක් ලබා දී තිබෙන අතර එම සහන කාලය අවසන් වීමෙන් ඉහත නියෝගය කි‍්‍රයාත්මක වේ.
ප්ලාස්ටික සහ පොලිතින් භාවිතා කිරීම තහනම් කිරීමේ ප‍්‍රවණතාවක් ඇති වී තිබෙන අතර මධ්‍යම අපි‍්‍රකාවේ කුඩා රාජ්‍යයක් වන බුරුන්ඩි රාජ්‍යය එලෙස ප්ලාස්ටික් භාවිත කිරීම තහනම් කළ අලූත්ම රට බවට පත්විය.
පසුගිය සතියේදී නවසිලන්ත අගමැතිනි ජෙසින්ඩා ආර්ඩ්න් ද මෙවැනිම පියවරක් ගත්තාය. කෙසේ නමුත් ක්ෂුද්‍ර ජීවින් මගින් විනාශයට පත්වන ප්ලාස්ටික්, වෛද්‍ය සේවා සහ ඖෂධ ඇසුරුම් කිරීමට යොදාගන්නා ප්ලාස්ටික් බෑග් සහ ඇසුරුම්වලට මෙම තහනම අදාළ නොවේ.
මේ අනුව බුරුන්ඩි රාජ්‍යය ද ප්ලාස්ටික් භාවිතා කිරීම තහනම් කරන ලද අනෙකුත් අප්‍රිකානු රටවල් වන මොරොක්කෝව, රුවන්ඩාව සහ කෙන්යාව යන රටවල් ගොන්නට ඇතුළත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට තමයි එහෙම දෙයක්වත් කරගන්න බැරි...
මේවා ප්‍රයෝගික නැහැ ජනතාව දැනුවත් කිරීමත් පරිසරයට ආදරය කිරීමටත් පුරුදු කිරීමත් විකල්ප සහ ආදේශක හදුන්වා දීමත් ප්‍රයෝගික විසදුම් වෙතයාමත් රිෆන්ඩබල් ඩිපොසිට් එකක් වැනි දෙයක් හදුන්වාදීමත් ප්‍රතිශක්තීකරණ යන සියල්ල තුළින් යම් ප්‍රතිපලයක් ලඟා කරගත හැකිය.......
අන්න ශක්තිමත් කශේරුකාවක් තිබෙන ජනාධිපතිවරු ඒකට අපිට?
මේ හැදීම අනුව තහනම් වෙලා තියෙන්නේ බුරුන්දි ජනපතිනේ...!!!