දකුණු පිලිපීනයේ ඊයේ(20) සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් හත් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පස් දෙනකු අතුරුදන්ව ඇති බවත් එරට සිවිල් ආරක්ෂක අංශ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය. ටාවි-ටාවි දුපත් ආසන්නයෙන් ගමන් කරමින් තිබූ 27 දෙනෙක් රැගත් මෙම බෝට්ටුව සැඩපහරට හසුවීමෙන් අනතුරට පත්ව ඇති බව පිලිපීන බලධාරීහු පවසති. දුපත් 7,000න් යුතු පිලිපීනයේ ගමනාගමන කටයුතු සඳහා ලීවලින් තැනූ කුඩා බෝට්ටු බහුලව යොදා ගැනෙන අතර අයහපත් කාලගුණික තත්ත්වය සහ නිසි ලෙස එම බෝට්ටු නඩත්තු නොකිරීම හේතුවෙන් මෙවැනි අනතුරු සිදුවන බව වාර්තා වේ.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd