පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකුට මරු කැඳවමින් ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා එල්ල කළ ප‍්‍රහාරය පාකිස්තානයේ අනුදැනුම මත සිදුවූවක් යැයි ඇමෙරිකාවේ ‘වෝල් ස්ටී‍්‍රට් ජර්නල්’ පුවත්පත අනාවරණය කරයි. ‘වෝල් ස්ටී‍්‍රට් ජර්නල්’ පුවත්පත වාර්තා කරන අන්දමට ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පිහිටි එම හමුදා මුර පොළට පහර දීමක් කරන බව ඇමෙරිකන් හමුදාව පාකිස්තාන හමුදාවට කල් තියා දැනුම් දීමක් කර ඇති අතර පාකිස්තාන රජය එම ප‍්‍රහාරයට අනුමැතිය ලබාදී තිබේ. ‘වෝල් ස්ටී‍්‍රට් ජර්නල්’ පුවත්පත පළ කළ එම වාර්තාව තරයේ හෙලා දකිමින් පාකිස්තාන රජය සහ හමුදාව පවසන්නේ ඔවුන් කිසිදු අවස්ථාවක ඇමෙරිකාවට හෝ නේටෝවට පාකිස්තාන සෙබළුන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නැයි අවසර ලබා දී නැති බවය. ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පෙෂවෝර් නගරයට නුදුරින් පිහිටි එම පාකිස්තාන හමුදා මුරපොළවලට ඇමෙරිකා සහ නේටෝ හමුදා පහර දුන්නේ ඉකුත් සති අන්තයේය. එම ප‍්‍රහාරයෙන් පාකිස්තාන සෙබළු 13 දෙනෙක් තුවාල ලැබූහ. එම ප‍්‍රහාරයත් සමඟ පළුදු වී තිබුණු පාකිස්තාන/ඇමෙරිකා සබඳතා මුළුමනින්ම බිද වැටුණි. වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව ඇෆ්ගනිස්තානයේ සිදු කරන සංග‍්‍රාමයේදී ඇමෙරිකාවේ සමීපතම මිතුරකු ලෙස කටයුතු කළේ ඇෆ්ගනිස්තානයේ අසල්වැසියකු ද වන පාකිස්තානයයි. ඇෆ්ගනිස්තානයේ සිටින විදෙස් හමුදාවලට අවශ්‍ය බඩුබාහිරාදිය රැුගෙන යන්නේ පාකිස්තානය හරහාය. එම භාණ්ඩ ප‍්‍රවාහන මාර්ග වසා දැමීමටද, පාකිස්තාන රජය මේ වනවිට තීරණය කර තිබේ. එමෙන්ම පාකිස්තානයේ ගෝති‍්‍රක ප‍්‍රදේශයේ පිහිටුවා ඇති ඇමෙරිකන් හමුදා කඳවුරක් ද වහා ඉවත් කර ගන්නැයි පාකිස්තාන රජය ඇමෙරිකාවට දැනුම් දී ඇත.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS