ප‍්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි මේ දිනවල උදේට උසාවි එන්නේය. හවසට ගෙදර යන්නේය. 2012 ජනාධිපතිවරණයේදි සීමාව ඉක්මවා අපේක්ෂක වියදම් කළැයි ද මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කළ බිග්මැලියොන් සමාගම අතර සිදුවූ මුදල් ගනුදෙනු දුෂණයට හා ජවාරම් වැනි දේට සක‍්‍රීය බලපෑම් ඇති කළැයි ද එමගින් ප‍්‍රංශ ව්‍යවස්ථාවේ අඬංගු නීති ඡේද කඩකළැයි ද ඔහු ඇතුළු 14 දෙනෙකුට ඉහළ උසාවියේ නඩු පවරා ඇත. අධිකරණ ක‍්‍රියාවලිය ආරම්භ වුයේ වසර 2013 අවසාන භාගයේදීය. සාර්කෝසිට මීට පෙර දඩ ගෙවීමට සිදු වුයේය. එනමුදු පරීක්ෂණ සිදු විය. එය හේතු කොට පසුගිය පෙබරවාරී 16 වෙනිදා මුල්‍ය අපරාධ කොමිසමේ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නැවත වරක් ප‍්‍රශ්න කිරීමකට ලක් වූයේය. එය හේතු කොට ප‍්‍රංශ දේශපාලන භූමියේ විවිධ ඉලක්කයන් උඩු යටිකුරුවී ඔහු සභාපති තනතුර දරන රිපක්ලිකන් පක්ෂයද කුනාටුවකට හසුවී ඇත්තේය. මේ අනූව 2017 ප‍්‍රංශ ජනාධිපතිවරනයේ අපේක්ෂක තනතුර බලාපොරොත්තුවෙන් සිටින සාර්කෝසිට එය නොලැබේද යන ප‍්‍රශ්නය අද ප‍්‍රංශ දේශපාලන ක්‍ෂේත‍්‍රයේ විශේෂ මාතෘකාවක් බවට පත්වී ඇත්තේය.
පසුගිය 2012 ජනාධිපතිවරණයෙන් පරාජයවූ සාර්කෝසි ඔහු සභාපති තනතුර දැරූ දක්ශිනාංෂික පක්ෂය වූ යූ.එම්.පී පක්ෂයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස් වූයේය. එම හිස් තැනට ජේෂ්ඨයෝ අතරින් කෙනෙකු තෝරා ගැනීමේදි තිදෙනෙක් ඒ සඳහා ඉල්ලූම් කළහ. එහි ලේකම් තනතුරක් දැරූ ජෝන් ප‍්‍රංශුවා කොපේ හා උප සභාපති තනතුරක් දැරූ හිටපු අගමැති ප‍්‍රන්ශුවා පියොන් ප‍්‍රබල අපෙක්ෂකයෝ වුවෝය. ජෝන් ප‍්‍රන්ශුවා කොපේ ඡන්දයකින් ජය ගත්තේය. ඡන්ද දූෂණ සිදුවූ බව චෝදනා කරමින් දෙවැන්නා වූ හිටපු අගමැති ජයග‍්‍රහාණය පිලිනොගත්තේය. හිතවත් කණ්ඩායම සමග උද්ඝෝෂණය කළේය. ප‍්‍රශ්නය උසාවිය දක්වා යෑමට පෙර සිරාක් ආණ්ඩුවේ හිටපු අගමැති සෙනට් සභික ජෝන් පියෙර් රප‍්‍රාරාන් ප‍්‍රමුඛ ජේෂ්ඨ මධ්‍යස්ථයෝ පිරිසක් එකතුවී විවිධ සීමාවන්ට යටත් කොට ප‍්‍රශ්නය සමථයකට පත් කර ගැනීමට සමත් වූහ.
2012 ජනාධිපතිවරණයේ මුල්‍ය දුෂණ චෝදනාවන්ට හිටපු ජනාධිපති උසාවියට කැඳවුයේය. සීමාව ඉක්මවා වියදම් කළ මුදල් වෙනුවෙන් දඩ ගෙවීමට පක්ෂයට හා ඔහුට නියම විය. එය ගෙවීමට පක්ෂය අපොහොසත් වූයෙන් ඉහත ප‍්‍රශ්නය මුලික කොට පක්ෂය විවිධ බෙදීම් ආරම්භ වීමට පටන් ගත් අතර අවසානයේ සාර්කෝසි එම යුරෝ ලක්ෂ තිහක (රුපියල් 475765582) දඩය ගෙවීය.
සාර්කෝසිට මෙතරම් මුදලක් ලැබුනේ කෙසේද? යන ප‍්‍රශ්නය ඒ දිනවල මාධ්‍යයේ විශේෂ මාතෘකාවක් වූයේය. කෙසේ නමුදු ඉහත දඩය හේතුවෙන් ඔහුට තනතුරෙන් හිමි ව්‍යවස්ථා දායක මණ්ඩලයේ සාමාජිකත්වයද අහෝසි වුයේය. ඉන් පසු ඔහු දේශපාලන ජීවිතයට විරාමයක් දුන්නේය. මේ අතරතුර පිගාරෝ පුවත් පත කළ හෙළි කිරීමකට අනුව බිග්මැලියොන් සමාගම සමග බොරු බිල් පත් මගින් මුදල් වංචා කිරීම යටතේ නව සභාපති කොපේට එරෙහිව චෝදනා එල්ල වූයෙන් ඔහු ද මුල්‍ය වංචා පරීක්ෂණ කොමිසමට කැඳැවිණි. ඔහුට ද පක්ෂ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවූයේය. මගේ නිවැරදි බව ඔප්පු කොට නැවත දේශපාලනයට පැමිණෙන බව ප‍්‍රකාශ කොට පක්ෂ තනතුරු වලින් ඉවත්වී අධිකරණ ක‍්‍රියාදාාමයට මුහුණ දුන්නේය.
එබැවින් පක්ෂයේ පරිපාලනය අතුරු පාලක මණ්ඩලයකට භාර විය. වසරකට පමණ පසු සාර්කෝසි නැවත වරක් පක්ෂයට පැමිණ දේශපාලනයේ නිරත වන බව කියමින් පක්ෂ සංශෝධනයකට මුල පිරුවේය.ඒ අනුව පක්ෂ සමාජිකත්වයේ කැමැත්ත මත නව පක්ෂයක් බිහි කිරීමට සැලසුම් කළේය. 2015 මැයි 30 වැනිදා පැරණි පක්ෂය විසුරුවා සැලසුම් කර ගත් පරිදි ලිබරල් හා මධ්‍යස්ථ පිරිස් නියෝජනය කළ කුඩා පක්ෂ දෙකක් සමග එකතුවී රිපබ්ලිකන් නමින් දක්ෂිණාංශික මධ්‍යස්ථ පක්ෂයක් බිහි කර එහි සභාපති තනතුරට ඔහු පත් වුයේය. පැරිස් නගර සභාවේ විරුද්ධ පක්ෂ නායිකාව නතලී කොස්කුඉස්කො මොරිෂේ මහත්මිය උප සභාපති වූවාය.
2016 පෙබරවාරී මුල් සතියේදී නව පක්ෂයේ මහ සභාවක් කැඳවීම 2017 ජනාධිපතිවරණයට පක්ෂයෙන් ඉදිරිපත් වන බව කීවේය. මේ අතර ඉහත සඳහන් දූෂණ සම්බන්ධව සිදුකල අධිකරණ ක‍්‍රියාවලියේ චුදිතයෙක් වූ ජෝන් ප‍්‍රංශුවා කොපේ ඉහත පරීක්ෂණ වලට අනුකූලව නිවැරදි කරුවෙකු බව තීන්දු කොට එහි සාක්කිකරුවෙකු බවට අධිකරණය දුන් තීන්දුව පක්ෂයේ මහ සභාවට පෙර දින ප‍්‍රකාශයට පත් කළේය. ඒ හේතුවෙන් ඔහුද ජනාධිපති අපේක්ෂක තනතුරට ඉල්ලූම් කළේය. මේවන විට අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් අට දෙනෙක් ඉල්ලූම් කර සිටිති. 2016 නොවැම්බර් 20 හා 27 පක්ෂයේ ඡන්ද විමසීමේ තරඟ වට දෙකකින් පසු ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සිදුවේ. හිටපු නව පක්ෂයේ සභාපති සාර්කෝසි ඉල්ලූම් පතක් ඉදිරිපත් කොට නැත. ජෝන් ප‍්‍රංශුවා කොපේ සාක්කිකාරයකු වීම හේතු කොට හිටපු ජනාධිපති පසුගිය පෙබරවාරී 16 වැනිදා නැවත වරක් උසාවියට කැඳවීණි. එබැවින් අධිකරණයෙන් නිවැරදිකරු වෙන තුරු සාර්කෝසිට ජනාධිපති අපේක්ෂක අයැදුම් පතක් ඉදිරිපත් කිරීමට නොහැකි නීතිමය ගැටළුවක් පැන නැඟී ඇත්තේය. ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය නොලැබේදෝ යන ප‍්‍රශ්නාර්ථය අද ප‍්‍රංශ දේශපාලන ක්‍ෂේත‍්‍රයේ විශේෂ මාතෘකාවක් බවට පත්වී ඇත්තේය. අධිකරණය ඉදිරියේ චෝදනා ඇති පුද්ගලයෙකුට දේශපාලන ක්‍ෂේත‍්‍රයේ තනතුරු දැරීම හෝ ඉල්ලූම් කිරීම ප‍්‍රංශ නීතිය අනව සපුරා තහනම්ය. එම සත්‍යයට මුහුණ දීමට හිටපු ප‍්‍රංශ ජනාධිපතිට අද සිදුවී ඇත්තේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ලංකාවට ගිහින් හොරකම් ඉගෙනගෙන ආවට එයාගේ රටේ නීතිය අනුව බේරෙන්න ගොඩක් අමාරුයි. ඒ රටේ අය නීතියට ගරු කරනවනේ. ඒ ටිකත් ලංකාවේ වගේ කරගන්න හැකි වුණා නම් ගොඩම තමයි. (නි)
ප්රංශ අධිකරණයට ජයවේවා. නිතිය කාටත් සමයි කියල ඔප්පු කළා. ප්‍රංශ බුද්ධිමත් ජනයාටත් ජයවේවා ..(ම)
පුලුවන්නම් අපේ හිටපු ජනාධිපති උතුමා සොරකම් කළා කියා ඔප්පු කරන්න. නිකන් බොරුවට චෝදනා විතරයි. ප්‍රංශයේ ජනාධිපතිවරුන් වාගේ නොවේ. රට ත්‍රස්තවාදයෙන් බේරා ගත් , බටහිර අධිරාජ්‍යවාදීන්ට නොබියව මුහුණ දුන් කෙනෙක්. මහින්ද රාජපක්ෂ නැවතත් බලයට එනවා සිකුරුයි (නි)
තිලක්සිරි පැරිස් - ලංකාවේ එහෙම මිනිස්සු පිරිවරාගෙන එන්නේ ඒ එන මිනිස්සුන්ට කරන්න රස්සාවක් හෝ ගෙදර වත් වැඩක් නැති හින්දයි. (ර)
ඒ දා 1978 ජේ.ආර්. ජයවර්දන. ජනාදිපති තුමා ප්‍රන්ස විවස්තාව සුළු වෙනසක් තුලින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා දැනටත් කිර්යත්මක වෙන්නේ එයයි. (ර)
ප්‍රන්සේ නිතිය කටත් සමයි. සැකකරුවේ නිතිය හමුවට පමුණුවයි. බුද්දිමත් ජනයා නිතිය ගරුකරයි. (ර)
රණවී පැරිස් ලංකාවෙත් දැන් නිතිය කාටත් සමයි ඔය ඔලුබක්කෝ කීපදෙනෙක් නැටුවට ඉදිරියේදී බලන්නකෝ . (ර)
ලංකාවෙත් 1987 ගෙනාවේ ප්‍රංස ව්‍යවස්ථාවම තමයි.(හේ)
කමල් පැරිස්.. .ඔලුබක්කෝ නැටුම පැරිස්වල ඉතා සුළු පිරිසක් නටති. (ර)
වෙච්ච දෙයක්.(හේ)
හොඳ පුවතක් (නි)
ගාමිණී පැරිස් .. ඔය ඔලුබක්කෝ ගැන පසුව විස්තර ලැබේවි එතෙක් ඉවසන්න. (ර)
මෙන්න පළිගන්නවෝ!!! (නි)
ප්‍රන්සයේ ජනපති උසාවී. බුද්ධිමත් මහ ජනයා නිසලයි .නීතියට හිසනමයි. එකට ලංකාවේ ඉතා සුළු පිරිසක් ජනජීවිත අවුල් කරන්න වෙර දරයි .ප්‍රංසේ දෙස බලාවත් හැදෙන්න කියා ඒ සුළු සිරිසට කියමු .(හේ)
ප්‍රංශේ දිහාවත් බලලා අපේ අය හැදියල්ලා.(හේ)
ප්රංශ අධිකරණයට ජයවේවා (හේ)
ප්රංශ හිටපු ජනාධිපති උසාවී යනකොට අපේ අය ගියාම මොකද? නිකන් බොරුවට කලබල වෙන්න එපා (නි)
තිලක් ඇයි, ශ්‍රී ලංකාවේ අධිකරණටත් ජයවේවා! දැන් රාජසමය නොව මහජන සමයයි (නි)
ප්රංශයේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ... (ර)
මෙහෙත් එහෙමයි (බ)
අපේ හිටපු ජනාධිපතිත් ඔයවගේ තමයි දැන් හොරා පොලිස් සෙල්ලම. කරනවා ඔප්පු කරන්න. සාක්කි තියෙනකොට මහින්ද කියනවා. පලිගන්නවලු ඇත්තට ලැජ්ජාවක් කියල දෙයක් දන්නෙම. නැද්ද . බලනකොට පාසල් ගියපු එකයි නොගියපු එකාගෙයි වෙනසක් නැහැ (බ)
ප්රංශයේ නම් ජනාධිපති පමණයි උසාවි යන්නේ .ලංකාවේ වගේ මහා සෙනගක් වට කරගෙන උසාවි එන්නේ නැහැ .(බ)
සරකොසිත් බැලුවම ලංකාවේ කට්ටියට සමානයි පරම්පරාවටත් සලකලද දන්නේ නැහැ?(කෞ)
මමත් දශක 4 ක 1972 සිට ජිවත්වන්නේ ප්‍රංශයේ. (නි)
මේවා බලලා හරි හැදෙන්න (ම)