ප්‍රංශයේ පුජා කඳු වැටිය වසර දහස් ගණනකට ඈතට දිවෙන ඩයිනොසිරස් සංස්කෘතියට නෑකම් කියන ඓතිහාසික ප්‍රදේශයක් ලෙස ප්‍රකට කඳුකර ගම්මාන රැසකින් හෙබි මනරම් භූමියකි. මෙම මිටියාවතෙහි රුසො නම් ගම්මානය ස්විට්සර්ලන්ත සීමාවට ආසන්නවම පිහිටි බෙහෙවින් අලංකාර වැවකින් හා ස්වාභාවික පරිසරයකින් අනූන ප්‍රදේශයකි.
මේ ගමෙහි ප්‍රංශ හා ස්විට්සර්ලන්ත ජාතික 25 දෙනෙකුගෙන් සමන්විත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණ වූ භාවනා වැඩ සටහනක් ජිනීවා බෞද්ධ විහාරය මගින් සංවිධානය කෙරිණි. තවලම ධම්මික හිමියන්ගේ මෙහෙයවීමෙන් හා ඇමෙරිකානු ජාතික යොගාවචර රාහුල හිමියන්ගේ සහභාගීත්වයෙන් දින තුනක් පැවැත්වුණ මෙම භාවනා වැඩසටහනේදී ගාල්ල හබරකඩ ශ්‍රී විජයානන්ද පුරාණ රාජමහා පිරිවෙන් විහාරාධිපති හබරකඩ ඉන්දරතන හිමියන් ද භාවනා පිළිබඳ විශේෂ දේශයක් ද සිදු කළහ. හල්විටිගල සුජාත හිමියන් ද මෙම වැඩසටහන සඳහා සහභාගි විය.
![IMG_0234[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/IMG_02341.jpg)
![IMG_0244[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/IMG_02441.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාවනාවේ අගය දැන් බටහිර ජාතීන් දන්නවා.මේ අයගේ මානසික ආතතිය මෙමඟින් අඩුවෙන බව දන්නවා (නි)
භාවනාව අනෙකුත් ආගම් වලට ඇතුළත් කර ගත්තාට බොදුනුවන් වූ අපෙන් කිසිම විරුද්ධතාවයක් නැත. එය විවිධාකාරයෙන් බොහෝ පෙරදිග රටවල භාවිතා වෙනවා. (නි)
බොරු භාවනා පිරුණු යුගයක අපි ජිවත් වෙන්නේ , සැබෑ භාවනා දැනගන්නනම් , රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ සතිපට්ටාන භාවනා ක්‍රමය සහ විදර්ශනා භාවනා ක්‍රමය යන පොත් ගුරු කොට ගන්න. බුදු දහම අග්‍ර ඵලය එහි ඇත. (ස)