පිට සක්වල ජීවින් සිටින බවට සාක්ෂි සොයා ගැනීම වැඩි ඈතක නොවේ යැයි නාසා විද්‍යාඥයෝ කියති.
පෘථිවියට අමතරව වෙනත් ග්‍රහලෝකවල ජීවින් සිටින බවට ප්‍රබල සංඥාවන් දශකයක් තුල සොයා ගැනීමට හැකිවන බවද, වසර 20 – 30 කින් ස්ථිර සාක්ෂි ඒ පිලිබඳව ලැබෙන බවද නාසා හි ප්‍රධාන විද්‍යාඥ එලන් ස්ටොෆන් පවසා ඇත්තේ පසුගිය අඟහරුවාදා විශ්වයේ ජලය මැයෙන් ඇමරිකාවේ පැවති සම්මන්ත්‍රණයකදීය.
ඇය පවසා ඇත්තේ මේ පිලිබඳව විශ්වයේ කවර ප්‍රදේශ පරික්ෂා කළ යුතුද සහ කෙසේ එම ප්‍රදේශය දැකිය යුතුද යන්න තමන් දන්නා බවයි. මේ පිලිබඳව බොහෝ පරික්ෂණ වලදී තමන් සතුව තාක්ෂණය ඇති බවද ඇය පවසයි.
හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය මේවායින් ප්‍රධාන සොයා ගැනීම සිදුකර ඇති බව නාසා ආයතනය ප්‍රවෘත්ති නිවේදනයක් මගින් පෙන්වා දී තිබේ.
විද්‍යාඥයින් හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය මගින් මෑතකදි සපයනු ලැබු ප්‍රබලම සාක්ෂිය වන්නේ බ්‍රහස්පතිගේ චන්ද්‍රයා මත ලුනුසහිත ජලය, සහ උප මතුපිටේ සාගරයක් එනම් අයිස් ස්ථර දෙකක් මත පිහිටා ඇති බව නාසා සඳහන් කරයි.
කෙසේ නමුත් මේ පිලිබඳව කථා කිරීමේ දී අභ්‍යාවකාශයේ හෝ වෙනත් ග්‍රහ ලෝකයක බුද්ධිමත් ජනාවාසයක් සිටින බවට නාසා ප්‍රකාශ කර නොමැති අතර ඔවුන් පෙන්වා දෙන්නේ ක්ෂුද්‍ර ජීවින් ගැන බව ප්‍රකාශ කර තිබේ.
අපි කුඩා හරිත මිනිසුන් ගැන කථා නොකරණ බවත් තමන් කථා කරන්නේ කුඩා ක්ෂුද්‍ර ප්‍රාණීන් ගැන බවද ස්ටොෆන් මෙම සම්මන්ත්‍රණයේදී පවසා ඇත.
ආදි ගගණගාමියෙක් වන ජෝන් ග්රුන්ස්ෆෙල්ඩ් පවසා ඇත්තේ තවමත් ඔහු සිතන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලය ට පිටින් ජීවින් සිටින බව සෙවීමට ප්‍රථම අප අඟහරුට එහායින් ඇති වෙනත් පරම්පරාවක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් වහන්සේ නම් දේශනා කලේ ආලෝකයේ වේගයෙන් අපිට යන්න පුළුවන් උනත් අපේ ජීවිත කාලයම මදි බව .. එම නිසා සසර කෙටි කර ගන්න ලැබුන මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න කියලා...(ම)
විද්‍යාව සියලුම මැවුම් වාදයන් නිශ්ප්‍රබා කරන කාලය වැඩි ඈතක නොවේ. එදාට එම ආගම වල පැවැත්මට ISIS වැනි සංවිධාන තව තවත් බිහි වනු ඇත. (ස)
අවබෝධ කළයුතු විශ්වය තම පංචස්කන්ධයම වේ (නි)
පිටසක්වල තරණය! (නි)
කාට හරි කියන්න පුලුවන්ද එතෙක් මෙතෙක් නාසා ඉතිහාසයේ ලෝකයේ කිසිම පුද්ගලයෙකුට වැදගත් හෝ විස්වාස කරන්න පුළුවන් දෙයක් ඔප්පු කරලා පෙන්නලා තියනවද කියල . (අ)
මේ මුදල් ප්‍රමාණය මිනිසුන්ට මේ ලෝකය හොඳ තැනක් බවට පත්කිරීමට යොදාගන්න බැරි ඇයි? (නි)
රසිකා් අයි.එස්.අයි.එස්. කියන්නේ අන්තවාදී කණ්ඩායමක් ,එකට අනිත් ආගම් පටලවන්න එපා .(අ)
මේ අය උඩ ඉඳලා දමන වළං කෑලි අපේ ගමේ වෙලකටත් වැටුනා. කිසිම සැළකීමක් නැති අය (නි)
දැන් මේ ලංකාවේ සමහරුත් කොහෙන්දෝ පිටසක්වලකින් නේද ඇවිල්ලා තියෙන්නේ? හරි පුදුමයි අනේ! (නි)
අනේ මන්ද එනකන් බලන් ඉන්නවා !!! දැන් ඕක කොට්ච්චර දවස් ද ? අාවේම නැහැ නේ (බ)
අළුතෙන් හදන ජේමිස් වෙබ් දුරේක්ෂයෙන් හබල් වලට වඩා හොඳින් නිරීක්ෂණය කරන්න හැකිවේවි. (නි)
මට හිතෙන්නේ මෙය කාලීන වැදගත්කමක් ඇති මාතෘකාවක් බවයි (නි)
කට්ටියක් දැන් පිටසක්වළ ජීවින්ගේ මැවීම සම්බන්ධයෙනුත් එක එක අදහස් ගෙනහැරපායිද දන්නෙ නැහැ (නි)
නාසා එකට තවමත් සොයාගන්නට බැරි වූ මේ දේවල් අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ කලකට පෙර ඉතා පැහැදිලිව දේශනා කළා.ඒ ඔස්සේ ගියහොත් මිට වඩා නව සොයාගැනීම් කළහැකියි. (නි)
නලින් ගුරුගේ ඉතාම නිවැරදී ඔබගේ අදහස..(ම)